එකම WhatsApp App එක වෙත ගිණුම් කිහිපයක් සම්බන්ධ කිරීමේ හැකියාව ලබාදීමට සූදානම් වෙයි

බොහෝ දෙනෙකුට WhatsApp ගිණුම් 2ක් භාවිතා කිරීමට අවශ්‍ය වූවිට WhatsApp Business App එක හෝ WhatsApp යෙදවුම් 2ක් භාවිතා කරනු ලබනවා. හඳුන්වා දීමට නියමිත මේ නව පහසුකම ඔස්සේ ඔබට එකම WhatsApp යෙදවුම තුළ WhatsApp ගිණුම් 2ක් හෝ කිහිපයක් භාවිතා කිරීමට හැකි වනවා.

එකම WhatsApp App එක වෙත ගිණුම් කිහිපයක් සම්බන්ධ කිරීමේ හැකියාව ලබාදීමට සූදානම් වෙයි

වර්තමානයේ බොහෝ දෙනෙකුට WhatsApp ගිණුම් 2ක් භාවිතා කිරීමට අවශ්‍ය වූවිට WhatsApp Business App එක හෝ සමහර Smartphone වල ඇති Dual Messaging පහසුකම ඔස්සේ WhatsApp යෙදවුම් 2ක් භාවිතා කරනු ලබනවා. කෙසේවෙතත් හඳුන්වා දීමට නියමිත මේ නව පහසුකම ඔස්සේ ඔබට එකම WhatsApp යෙදවුම තුළ WhatsApp ගිණුම් 2ක් හෝ කිහිපයක් භාවිතා කිරීමට හැකි වනවා.

Source: WABetaInfo

ඉහත Screenshot එකේ දැක්වෙන පරිදි WhatsApp Settings වෙත ගිය විට මෙලෙස ඔබේ Account එකට අමතරව තවත් Account එකක් එකතු කිරීමට Prompt එකක් දිස්වනවා. එලෙස Account එක Add කිරීමෙන් පසු එම Account හරහා මාරු වීමද ඒ හරහාම සිදු කළ හැකිවනවා.

තවද මෙසේ එකතු කරන Accounts එකම වර්ගයේ ගිණුම් විය යුතු නොවන අතර ඔබට සාමාන්‍ය WhatsApp Accounts මෙන්ම Business Accountsද මෙසේ එකතු කර ගත හැකි වනවා.

තවමත් මේ පහසුකම ලබා දී ඇත්තේ තෝරාගත් Beta පරිශීලකයන් කිහිප දෙනෙකුට පමණක් වන අතර නුදුරේදීම මෙහි Public Release එකක් අපට බලාපොරොත්තු විය හැකියි. ඒ පිළිබඳව දැන ගැනීම සඳහා දිගටම Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Source: WABetaInfo

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna