WhatsApp chat history එක Android සහ iOS අතර migrate කරගැනීමේ පහසුකම නුදුරේදීම ලබාදීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා ​වේ

WhatsApp chat history එක Android සහ iOS අතර migrate කරගැනීමේ පහසුකම නුදුරේදීම ලබාදීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා ​වේ

WhatsApp කියන්නේ මේ වෙනකොට ලෝකයේ විශාල පිරිසක් භාවිතා කරන IM සේවාවක් හෙවත් Instant Messaging සේවාවක් කිව්වොත් අපි නිවැරදියි. මෑතකදී මේ WhatsApp සේවාවේ පෞද්ගලික දත්ත පරිහරණය සම්බන්ධයෙන් විවිධ මති මතාන්තර පවා ගෝලීය වශයෙන් විශාල ලෙස කතා බහට ලක් වුනා. ඒ සියල්ලම පිළිබඳව අප විසින් ලද සැනින් ඔබට වාර්තා කලා ඔබට මතක ඇති.

කොපමණ ජනප්‍රිය සේවාවක් වුවත් WhatsApp පරිශීලකයන් එක් අවස්ථාවකදී එක අපහසුතාවයකට පත්වනවා. ඒ තමයි Android භාවිතා කරන අයෙකු iOS ධාවනය වන දුරකතනය්ක් හෝ, iOS භාවිතා කරන අයෙකු Android දුරකතනයක් මිලදී ගතහොත් ඔහුට හෝ ඇයට තම පැරණි WhatsApp chat history එක අදාල දුරකතනයට migrate කරගැනීමේ හැකියාව නොමැති වී යාමෙනි. මෙම අවාසි සහගත තත්වය නිසා තමන් භාවිතා කරන දුරකතන මෙහෙයුම් පද්ධතියෙන් පිට මෙහෙයුම් පද්ධතියකින් බලගැන්වෙ​න දුරකතනයක් මිලදී ගැනීමට නොහැකිව සිටින කිහිප දෙනෙකු මම පෞද්ගලිකව හදුනනවා.

කෙසේ වෙතත් මේ අපි ඔබට රැගෙන එන්නේ සතුටුදායක ආරංචියකි. මෑතකදී නිකුත් වූ WhatsApp 22.2.74 iOS Beta සංස්කරණයේ කේතනය විමසා බැලීමේදී එහි ඇතුලත්ව තිබූ Android සහ iOS දුරකතන අතර WhatsApp chat history එක migrate කරගැනීමේ පහසුකම ඇතුලත්ව තිබීමයි.

නමුත් එහිදී පැහැදිලිව අදාල migration එක සිදු කරන ආකාරය පිළිබඳව පවසා නැති වුවත්, migration එක සිදු කරන අවස්ථාවේදී අදාල ජංගම දුරකතන දෙකේ​ම WhatsApp යෙදුම install කර තිබිය යුතු වනවා. අදාල migration එක සිදු කිරීමේදී අදා​ල ජංගම දුරකතන දෙකම එකම WiFi සබඳතාවයකට සම්බන්ධ වී migration එක සිදු වනවාද, නැති න​ම් කේබල් මගින් එක සිදු කරනවාද යන්න පිළිබඳවත් පැහැදිලිව සඳහනක් කර නෑ.

ඒ කෙසේ වෙතත් මේ වන විටත් WhatsApp chat history එක iOS සහ Android අතර migrate කර ගැනීමේ ක්‍රමයක් පවතින අතර ඒ සඳහා ඔබට Samsung දුරකතනයක් අවශ්‍ය වනවා. ඒ නමුත් එම Migration කිරීම සිදු කල හැක්කේද iPhone එකකින් Samsung දුරකතනයකට පමණක් වන අතර, එහිදී කේබල් භාවිතාවෙන් Samsung SmartSwitch app එක හරහා මේ migration එක සිදු කර ගැනීමේ හැකියාව පවතිනවා.

Source: WABetaInfo

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara