WhatsApp හරහා HD image හුවමාරු කරගැනීමේ පහසුකම ලබා දීමට කටයුතු කර​යි

WhatsApp හරහා HD image හුවමාරු කරගැනීමේ පහසුකම ලබා දීමට කටයුතු කර​යි

WhatsApp භාවිතා කරන්න හැමෝටම තිබ්බ ප්‍රශ්නයක් තමයි image එකක්, WhatsApp හරහා යවන කොට ඒ image එකේ qulity එක සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වීම. නමුත් මේ ගැටළුවට විසදුමක් අරගෙන එන්න Meta සමාගම මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. ඒ WhatsApp පරිශීලකයන්ට HD ආකාරයට image හුවමාරු කරගැනීමේ පහසුකමක් ලබා දෙමින්.

මෙම පහසුකම මේ වන විට WhatsApp Beta පරිශීලකයන්ගෙන් සියල්ලන්ම අත්විදින පහසුකමක් වන අතර හරහා ඔවුන්ට image එකක් share කරගැනීමේදී එය යැවිය යුතු quality එක තෝරා ගැනීමට ඉඩ කඩ සලසනු ලබනවා.

ඉහත දැක්වෙන screenshot එකේ ඇ​ති ආකාරයට පරිශීලකයෙකු විසින් තවත් පරිශීලකයෙකුට image එකක් යැවීමේදී HD කියන සලකුණ මත tap කිරීමෙන් Standard Qulity හෝ HD Quality එක ලෙසින් තෝරාගැනීමට ඉඩ පහසුකම සලසනු ලබනවා.

එලෙසින් HD quality එක තෝරා යවන image එකක වම් පස පහල කොණින් HD නමින් දැන්වෙන සලකුණක් දිස් වන අතර එය දිස්වන ආකාරය පහතින් ඇති screenshot එකේ දැක්වෙනවා.

මේ වන විටත් මෙම පහසුකම WhatsApp සාමාන්‍ය සංස්කරණය භාවිතා කරන පරිශීලකයන් වෙත ලබා දී ඇති අතර ඉදිරි සති කිහිපය තුලදී ලොව පුරා වෙසෙන සියළුම WhatsApp පරිශීලකයන් වෙත මෙම පහසුකම ලබාදෙනු ඇත.

මේ සමඟම ඉදිරියේදී වීඩියෝ දර්ශන පවා HD quality එකෙන් හුවමාරු කර ගැනීමේ පහසුකමද ලබා දීමට ඔවුන් කටයුතු කරන බවත් වාර්තා වනවා.

Source: wabetainfo.com www.theverge.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna