Smartphone එක අන්තර්ජාලයට සම්බන්ධ නොවූවද WhatsApp Web සේවාව භාවිතා කිරීමේ හැකියාව නුදුරේදීම ලබා දීමට සූදානම් වේ

Smart Phone එක අන්තර්ජාලයට සම්බන්ධව නොමැති අවස්ථාවකදිද WhatsApp Web හා WhatsApp Desktop App මගින් භාවිතා කිරිමේ හැකියාව ලබා දිම පිළිබඳව මේ වෙන විට කටයුතු කරමින් සිටිනවා.

Smartphone එක අන්තර්ජාලයට සම්බන්ධ නොවූවද WhatsApp Web සේවාව භාවිතා කිරීමේ හැකියාව නුදුරේදීම ලබා දීමට සූදානම් වේ

ඔබට මතක ඇති පසුගිය වසරේදි අපි ඔබ වෙත තොරතුරු වාර්තා කරනු ලැබුවා Devices කිහිපයකින් එකවර WhatsApp භාවිත කිරිමේ හැකියාව ලබා දිමට සුදානම් වෙන බව, ඒ අනුව එහි පියවරක් විදිහට WhatsApp Desktop App එක සඳහා audio සහ video ඇමතුම් ලබා ගැනීමේ පහසුකම් ලබා දිමට පසුගිය දිනක කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙලෙස WhatsApp Web හෝ WhatsApp Desktop App එක භාවිතයේ දි තවමත් ඇති වෙන ප්‍රධානතම ගැටලුව වනුයේ අපේ Smart Phone එක අනිවාර්යයෙන්ම අන්තර්ජාලයට සම්බන්ධව පැවතිය යුතු විමයි. එනම් WhatsApp Web හෝ Desktop App භාවිත කිරිමට නම් ඔබගේ WhatsApp Account එක සහිත Smart Phone එක අන්තර්ජාලයට සම්බන්ධව තිබිය යුතු වෙනවා.

මිට පෙර ඔබට අපි දැනුවත් කල ආකාරයටම මේ වෙන විට WhatsApp සදහා Multi Devices Support එක ලබා දිම පිළිබඳ වැඩිදුර කටයුතු කරමින් සිටින මොවුන් මේ වෙන විට WhatsApp Web Beta හා WhatsApp Desktop Beta සදහා Smart Phone එක නොමැති අවස්ථාවකද, එනම් එය අන්තර්ජාලයට සම්බන්ධව නොමැති අවස්ථාවකදිද WhatsApp Web හා WhatsApp Desktop App මගින් භාවිතා කිරිමේ හැකියාව ලබා දිම පිළිබඳව මේ වෙන විට කටයුතු කරමින් සිටිනවා.

WABetaInfoහි නිල Twitter වෙබ් අඩවිය මගින් දක්වා ඇති පරිදි WhatsApp Web හා WhatsApp Desktop Beta Version සදහා මේ වෙන විට මේ පහසුකම හිමි වි තිබෙනවා. මේ සදහා ඔබ ඔබගේ Smart Phone එක මගින් ද WhatsApp Beta වැඩසටහන සදහා සම්බන්ධ වි සිටිය යුතු වෙනවා.

කෙසේ වෙතත් තවමත් සැම Beta User කෙනෙක් සදහාම මේ පහසුකම ලැබි නොමැති අතර ඉදිරි සති කිහිපය තුල මේ පහසුකම සියලු Beta Userලා සදහා ද ඉදිරි මාස කිහිපය තුල WhatsApp Stable Version සදහාත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ පහසුකම හිමි විමෙන් පසුව ඔබට WhatsApp Web හෝ WhatsApp Desktop App භාවිතා කිරිමට නම් ඔබගේ Smart Phone එකත් අන්තර්ජාලයට සම්බන්ධව තිබිම අවශ්‍ය විමක් සිදු වෙනනේ නැ. එනම් ඉන් පසු Smart Phone එක නොමැති අවස්ථාවක වුවද කිසිදු ගැටලුවක් නොමැතිව WhatsApp Web හා WhatsApp Desktop App භාවිතා කිරිමේ හැකියාව ලැබෙනවා.

Source : Beebom, Wabetainfo

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna