WhatsApp Web හරහා නුදුරේදීම Voice සහ Video call පහසුකම ලබා දීමට Whatsapp සූදානම් වේ

තවමත් beta අවධියේ තිබෙන මේ පහසුකම ළඟදීම release වීමට නියමිතයි.

WhatsApp Web හරහා නුදුරේදීම Voice සහ Video call පහසුකම ලබා දීමට Whatsapp සූදානම් වේ

WhatsApp Web සඳහා අවශ්‍යම වී තිබු පහසුකම් දෙකක් ළඟදීම එකතු කරන්නට යන බව වාර්තා වෙනවා. ඒ WhatsApp version 2.2043.7 හි සිට voice සහ video call WhatsApp Web හරහාද ගැනීමේ පහසුකම ලබා දීම ආරම්භ කරමින්.

මේ feature එක ගැන මුලින්ම සඳහන් වී තිබුනේ WABetaInfo වෙබ් අඩවියේ. ඔවුන්ගේ වාර්තා වලට අනුව private calls වලට මෙන්ම group calls සඳහාද මේ හරහා සහය දක්වනු ඇති.

මේ features release කළ විට ඔබට WhatsApp web window වෙහි උඩ search button එක අසලින් මෙම Video හා Voice call buttons දක්නට ලැබේවි. එය අසල beta tag එකක් ඇත්තේ මේ screenshot අරන් ඇත්තේ තවමත් full release නොකරපු version එකකින් වන නිසා.

WhatsApp web වින්ඩෝවේ හි search button එක අසලින් මේ voice සහ video call buttons දක්නට ලැබේවි.
WhatsApp හරහා call එකක් එන විට මෙවැනි pop-up වින්ඩෝවක් දක්නට ලැබේවි.
ඔබ call එකක් දෙන විට ප්‍රමාණයෙන් කුඩා වින්ඩෝවක් දක්නට ලැබෙනවා. එහි video call button, mic button, hang up button සහ call status බැලිය හැකි button එකද ඇතුලත් වෙනවා.

Source: WABetaInfo

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara