WhatsApp Web ඔස්සේ Status Updates Share කිරීමේ හැකියාව ලබාදෙයි

මේ වන විට WhatsApp Web සඳහා නිකුත් කර ඇති නවතම පහසුකම් තුළින් WhatsApp Web හරහා Status Upload කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

WhatsApp Web ඔස්සේ Status Updates Share කිරීමේ හැකියාව ලබාදෙයි

WhatsApp Web පහසුකම මීට බොහෝ කලකට පෙර සිට ලබාදී තිබුණත්, බොහෝ දෙනෙකු බොහෝ කලෙක සිට මේ හරහා Status upload කිරීමේ හැකියාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. නමුත් දිගින් දිගටම වෙනත් පහසුකම් මේ සඳහා ලැබුණත්, මෙම Status Upload කිරීමේ හැකියාව නම් ලැබුණේ නැහැ.

කෙසේ නමුත් මේ වන විට WhatsApp Web සඳහා නිකුත් කර ඇති නවතම පහසුකම් තුළින් WhatsApp Web හරහා Status Upload කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

Source: wabetainfo.com

ඉහත Screenshot එකෙහි දැකිය හැකි පරිදි Status Section එකට ගිය විට එහි ඉහළින්ම ඇති My Status මත Click කිරීමෙන් ලැබෙන Menu එක හරහා ඔබට පළ කිරීමට අවශ්‍ය වන්නේ text එකත් එහෙමත් නැතිනම් Photo & Video එකක් ද යන වග තෝරාගත හැකිවනවා.

කෙසේනමුත් මෙම පහසුකම් මේ වන විට සක්‍රීයව ඇත්තේ WhatsApp Web හි Beta Program එකෙහි සාමාජිකයන්ට පමණක් වන අතර නුදුරේදීම සාමාන්‍ය පරිශීලකයන්ට සහ WhatsApp Desktop යෙදවුම වෙතද මෙය බලාපොරොත්තු විය හැකියි.

Source: wabetainfo.com Cover Image: chanty.com

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara