WhatsApp web හර​හා sticker නිර්මාණය කල හැකි පහසුකමක් හදුන්වා දීමට සූදානම් ​වේ

WhatsApp web හර​හා sticker නිර්මාණය කල හැකි පහසුකමක් හදුන්වා දීමට සූදානම් ​වේ

WhatsApp හි වෙබ් අනුවාදය built-in custom Sticker Maker එකක් සමඟ update කර ඇත, එමඟින් ඔබේ පරිගණකයේ ඇති පින්තුර, WhatsApp හරහා යැවිය හැකි ස්ටිකර් බවට පත් කිරීමට ඔබට ඉඩ සලසයි.

එයට ප්‍රවේශ වීමට, paperclip (attachments) icon එක ක්ලික් කරන්න, Sticker icon එක තෝරන්න, ඉන්පසු upload කිරීමට image එකක් තෝරන්න. දැනට WhatsApp හි වෙබ් සඳහා ඇති මෙම විශේෂාංගය ඉදිරි සතියේදී එහි Desktop app එක වෙතද පැමිණේ.

Upload කළ පසු, images නිකන්ම sticker එකක් බවට පත් කිරීමට ඒවා edit කළ හැකිය. background එක කපා ඉවත් කිරීම සඳහා image එක වටා outline ඇඳිය ​​හැකි අතර, image එක පහසුවෙන් කපා ගත හැකිය. Emoji, text, සහ අමතර WhatsApp stickers ද ඔබේ stickers එක මත දැමිය හැක.

WhatsApp හි ඔබේම stickers සෑදීමට හැකි වීම අලුත් දෙයක් නොවන අතර, එම කාර්යය සඳහා වෙන් වූ iOS සහ Android සදහා third-party apps විශාල ප්‍රමාණයක් තිබේ. නමුත් මෙම විශේශාංගය desktop සහ web version වලට කෙලින්ම stickers සෑදිය හැකි පහසු අංගයකි.

Source: The Verge

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna