WhatsApp Desktop සඳහා Screen Lock පහසුකම නුදුරේදීම

WhatsApp Desktop App එක භාවිතා කරන්නන්ගේ තම Chats වල ආරක්ෂාව සඳහා Screen Lock පහසුකමක් හඳුන්වා දී තිබෙනවා.

WhatsApp Desktop සඳහා Screen Lock පහසුකම නුදුරේදීම

WhatsApp වෙත නව පහසුකම් රැසක් මේ දින වල Meta සමාගම විසින් හඳුන්වා දෙනු ලබන අතර එහි එක් පියවරක් වශයෙන් Lag වීම් ආදී දෝෂ රැසකින් පිරී තිබූ WhatsApp Desktop App නවතා දමා නව WhatsApp Desktop App එකක් හඳුන්වා දෙනු ලැබුවා

WhatsApp Desktop App එක භාවිතා කරන්නන්ගේ තම Chats වල ආරක්ෂාව සඳහා නුදුරේදීම Screen Lock පහසුකමක් හඳුන්වා දීමට සූදානම් බව මීට පෙර අප විසින් ඔබට වාර්තා කළා. ඒ අනුව මේවන විට මේ පහසුකම WhatsApp Desktopහි Beta පරිශීලකයන් වෙත ලබා දී තිබෙනවා.

Source: wabetainfo.com

මේ පහසුකම ඔබගේ WhatsApp Desktop App එකෙහි Settings වෙත ගොස් එහි Privacy Section එකෙහි ඇති Screen Lock යන්නෙන් සක්‍රීය කරගත හැකිවනවා. ඉන්පසු ඔබ WhatsApp Desktop App එක Open කරන සෑම අවස්ථාවකදීම ඔබට Password එක ඇතුළත් කළ යුතු වනවා.

ඔබට ඔබගේ Password එක අමතක වුවහොත් ඔබට කළ හැක්කේ ඔබගේ Mobile App එක මඟින් එම පරිගණකය ඉවත් කර නැවත QR Code එක Scan කර Log වීම පමණයි.

මේ පහසුකම Beta පරිශීලකයන් සඳහා නිකුත් කර ඇති නිසා නුදුරේදීම අනෙකුත් සියලුම පරිශීලකයන්ටද අත්විඳිය හැකිවනවා.

Source: wabetainfo.comCover Image: androidinfotech.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara