අවශ්‍ය Contacts සඳහා පමණක් WhatsApp Last Seen Hide කිරීමේ හැකියාව ලබා දීමට කටයුතු කරයි

අවශ්‍ය Contacts සඳහා පමණක් WhatsApp Last Seen Hide කිරීමේ හැකියාව ලබා දීමට කටයුතු කරයි

WhatsApp හි ඇතිවූ Privacy ගැටලුව හා මෑතකදී Meta ආයතනයේ සිදුවූ DNS Issue එකත් සමඟ බොහෝ පරිශීලකයන් WhatsApp හැර වෙනත් Messaging Apps වෙත මාරු වන බවක් පෙනී යනවා. ඉතින් මේ හේතුව නිසා නැවත WhatsApp සඳහා පරිශීලකයින් ගෙන්වා ගැනීම සඳහා WhatsApp විසින් ඒ සඳහා නවතම පහසුකම් රැසක් මේ දින වල එකතු කරමින් පවතිනවා.

එහි තවත් පියවරක් ලෙස බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි අවශ්‍ය Contacts සඳහා පමණක් WhatsApp වෙත අප අවසාන වරට Online පැමිණීමේ වෙලාව අනෙකුත් පරිශීලකයන්ට Hide කිරීමේ හැකියාව ලබා දීමට කටයුතු කරන බව WABetaInfo වෙබ් අඩවිය වාර්තා කරනවා.

Image Source - WABetaInfo

දැනට WhatsApp හි අපට මේ සඳහා තිබෙනුයේ Everyone, My Contacts, Nobody ලෙසයි එයට මෙම Update එකෙන් පසුව My Contacts Excepted යනුවෙන් මෙම පහසුකම මේ සඳහා එකතු වනවා.

මෙම 'My Contacts except...' පහසුකම Profile Picture එක Hide කිරීමට හා About එක Hide කිරීමට ලබා දීමට ද කටයුතු කරන බව මෙම වෙබ් අඩවියේ තවදුරටත් සඳහන් වනවා.

මෙම පහසුකම දැනට තෝරාගත් Beta පරිශීලකයන් සඳහා පමණක් ලබා දී ඇති අතර තවමත් මෙය සියලුම පරිශීලකයන් වෙත ලබා දෙන දින පිළිබඳව සඳහනක් නම් නැහැ.

Source - Gizmochina, WABetaInfo

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara