WhatsApp සඳහා Cloud Backups Encryption පහසුකම හඳුන්වා දීමට සූදානම් වේ

WhatsApp සඳහා  Cloud Backups Encryption පහසුකම හඳුන්වා දීමට සූදානම් වේ

WhatsApp Desktop App එක සඳහා Audio සහ Video ඇමතුම් ලබා ගැනීමේ පහසුකම ලබා දිමෙන් පසු මිලග Update එක මගින් WhatsApp Cloud Backup සදහා Encryption Security Feature එක ලබා දිමට Facebook සමාගම විසින් කටයුතු කරමින් සිටිනවා. මේ මගින් Cloud Backup සදහා Encrypted Password එකක් යෙදිමේ හැකියාව ලැබෙනු ඇත. මේ මගින් WhatsApp Chats වෙත වෙනත් පාර්ශවයකට පිවිසිමට ඇති හැකියාව අවම වෙනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු WABetaInfo විසින් ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ ද පල කර තිබෙනවා.

මේ Feature එක “Password Protect Backups” නමින් හැදිවෙනු ලබන අතර මේ මගින් WhatsApp Chats හා Chat Backup සදහා Password එකක් යෙදිමට හැකියාව ලැබෙනවා. WhatsApp තුල බොහෝ අවස්ථාවලදි End-to-end Encrypt කිරිම සිදු වුවත් Cloud Backup වලදි එලෙස විමක් සිදු වෙන්නේ නැ. මේ Password Protect Backups මගින් Backup සදහා Password එකක් යෙදු පසු Cloud Backup කර ඇති Chats & Media Files ආරක්ෂිත විම සිදු වෙනවා. එනම් නැවත මේ Backup Restore කිරිමට නම් Backup Password එක අවශ්‍ය වෙනු ඇත.

ඒ වගේම මේ Backup Password එක WhatsApp සමඟ හුවමාරු විමක් සිදු නොවන බව ඔවුන් වැඩි දුරටත් දක්වා තිබෙනවා. එනම් මේ Backup Password එක ඔබට අමතක වුවහොත් එය නැවත සොයා ගැනිමට හෝ ලබා ගැනමට කිසිදු ක්‍රමයක් WhatsApp App එක තුල පවතින්නේ නෑ.

WhatsApp වෙත මේ Backup Password Feature එක දැනටමත් පරික්ෂණ මට්ටමේ පවතින අතර මිලග Update එක හරහා බොහෝ විට මෙය iOS හා Android සදහා ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : Beebom, WABetaInfo

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara