WhatsApp හරහා ලැබෙන නොදන්නා ඇමතුම් Silence කිරීමේ හැකියාව ලබා දීමට Meta සමාගම සුදානම් වේ

මේ ඔස්සේ WhatsApp හරහා ලැබෙන නොදන්නා ඇමතුම් Mute කිරීමේ හැකියාව ලැබෙන අතර ඔබට එම ඇමතුම පිළිබඳ Notification Center එකේ සහ WhatsApp Call Tab එක ඔස්සේ දැක ගත හැකි වනවා.

WhatsApp හරහා ලැබෙන නොදන්නා ඇමතුම් Silence කිරීමේ හැකියාව ලබා දීමට Meta සමාගම සුදානම් වේ

WhatsApp භාවිතා කරන ඔබ මේ වන විටත් දන්නවා ඔබට නොදන්නා WhatsApp ඇමතුමක් ලැබෙන විට සාමාන්‍ය පරිදි ඔබගේ දුරකථන නාද වන බව. මෙලෙස ලැබෙන බොහෝ නොදන්නා WhatsApp ඇමතුම් අත්‍යාවශ්‍ය ඇමතුම් නොවන අතර මෙවැනි ඇමතුම් නිසා ඔබ සිදු කරන කටයුතුවලට ඇති වන බාධා පිළිබඳවත් ඔබට අත්දැකීම් ඇති බව නිසකයි.

මෙම ගැටලුවට විසදුමක් ලෙස WhatsApp සඳහා ලැබෙන මෙවැනි නොදන්නා WhatsApp ඇමතුම් Silence කිරීමේ හැකියාව ලබා දීමට Meta සමාගම විසින් කටයුතු කර තිබෙනවා.

Image Source - WABetaInfo.com

ඒ අනුව WhatsApp Beta නවතම Update (2.23.10.7) එකත් සමඟ මේ හැකියාව Android පරිශීලකයන් සඳහා ලැබෙන අතර දැනටමත් බොහෝ WhatsApp Beta පරිශීලකයන් සඳහා ලැබි තිබෙනවා. මේ ඔස්සේ WhatsApp හි Settings තුළ Privacy යටතේ Silence Unknown Caller නමින් මෙම විශේෂාංග ලැබි තිබෙනවා.  මේ ඔස්සේ WhatsApp හරහා ලැබෙන නොදන්නා ඇමතුම් Mute කිරීමේ හැකියාව ලැබෙන අතර ඔබට එම ඇමතුම පිළිබඳ Notification Center එකේ සහ WhatsApp Call Tab එක ඔස්සේ දැක ගත හැකි වනවා.

කෙසේ වෙතත් තවමත් Android Beta Version සඳහා පමණක් ලබා දී ඇති මේ විශේෂාංගය ඉදිරියේදි Android සහ iOS පරිශීලකයන්ටත් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: Wabetainfo

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna