නව privacy policy එකට එකඟ නොවන්නන්ගේ WhatsApp ගිණුම් මැයි 15න් පසු සීමාවන් යටතේ භාවිතාවට ඉඩ, WhatsApp ප්‍රකාශ කරයි

නව privacy policy එකට එකඟ නොවන්නන්ගේ WhatsApp ගිණුම් මැයි 15න් පසු සීමාවන් යටතේ භාවිතාවට ඉඩ, WhatsApp ප්‍රකාශ කරයි

Facebook ආයතනය විසින් පසුගිය ජනවාරි මාසයේදී WhatsApp සදහා 2021 වසරේ සිට ක්‍රියාත්මක වෙන නව Privacy Policy එකක් හදුන්වා දිමට කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් මේ Privacy Policy එක එළිදැක්වීමත් සමග එය ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කිරිමට මෙන්ම WhatsApp භාවිත කරන පිරිස් Signal, Telegram වැනි වෙනත් Messaging Services වෙත මාරැ විමටත් කටයුතු කරනු පෙනෙන්නට තිබුණා.

මේ සදහා හේතු වුයේ එම Privacy Policy එකට අයත් වු Data Sharing Policies වෙනවා. කෙසේ වෙතත් මේ නව Privacy Policy එකට මතුවු විරෝධතාව නිසා Facebook සමාගම විසින් මේ සදහා එකග විමට ලබා දි තිබුණු කාලය මැයි මස 15 වෙනි දින දක්වා දිර්ඝ කරනු ලැබුවා. ඒ යම් යම් නව කොන්දේසි කිහිපයක් සමගිනුයි.

ඒහිදි ඔවුන් සදහන් කර තිබුණේ මැයි 15ට පසුව මේ Privacy Policy එකට එකග නොවන WhatsApp ගිණුම් සදහා නැවත දින 120ක කාලයක් ලබා දෙන අතර ඒ කාලය තුල ද මේ Privacy Policy එක සදහා එකග නොවුනහොත් ඔවුන්ගේ එම Privacy Policy එකේ ආකාරයටම WhatsApp ගිණුම Delete වි යනු ඇති බවයි. ඒ වගේම මේ දින 120ක කාල පරාසය තුල ලැබෙන ඇමතුම් සදහා පමණක් ප්‍රතිචාර දැක්විමේ හැකියාවත් ලබා දි තිබුණා.

කෙසේ වෙතත් දිගින් දිගටම මේ Privacy Policy එක සදහා එල්ල වෙන විරෝධතා හමුවේ මේ වෙන විට Facebook ආයතනය විසින් මැයි 15 සිට මේ Privacy Policy එක සදහා එකග නොවන්නන් හට පණවා තිබුණ කොන්දේසි යම් තරමකට ලිහිල් කර තිබෙනවා. ඒ අනුව මේ මස 15 දින සිට මේ නව Privacy Policy එකට ඔබ එකග නොවන්නේ නම් පහත අයුරින් ඔබට WhatsApp භාවිත කිරිමේ හැකියාව ලැබෙනවා.

මැයි මස 15න් පසුව ක්‍රියාත්මක වෙන නව WhatsApp Privacy Policy එකට ඔබ එකග නොවෙන්නේ නම් ?

මේ නව Privacy Policy එක සදහා ඔබ එකග නොවුනහොත් මැයි 15න් පසුව ඔබගේ WhatsApp ගිණුම ඔබට අහිමි විමක් සිදු නොවන අතර Chat History මෙන්ම Chat Backup සදහා ද කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නැ. නමුත් ඔබට මැයි 15න් පසුව භාවිත කල හැකි වෙන්නේ යම් යම් Features කිහිපයක් පමණි.

ඒ අනුව ඔබට පැමිණෙන Voice හා Video Calls සදහා ප්‍රතිචාර දැක්විමේ හැකියාව ලැබෙන අතර WhatsApp Notification හරහා ලැබෙන Messagesවලට පිළිතුරු ලබා දිමේ හැකියාව ලැබෙනවා. නමුත් මෙහිදි Text Messages පමණක් යැවිය හැකි වෙනු ඇත. ඔබ WhatsApp App එක වෙත පිවිස Chat List එකට  ප්‍රවේශ විමට උත්සහා කල හොත් එදිහි ඔබට Terms of Service පිළිබඳව මතක් කිරිමක් පැමිණෙන බැවින් Chat List එකට පිවිසිමට නොහැකි වෙනවා.

ඔබ මේ Privacy Policy එක සදහා එක නොවන නිසා ඔබට,

  1. Status Feature එක භාවිත කිරිමේ හැකියාව අහිමි විම.
  2. Messages Forward Feature එක අහිමි විම.
  3. Broadcast List Feature එක අහිමි විම.
  4. Group Chatsවලදි යම් පණිවිඩයක් උපුටා දැක්විම හෝ යම් පුද්ගලයකු Mention කිරිමේ හැකියාව මෙන්ම Voice Messages, Stickers හෝ වෙනත් Photos, Videos, Files ආදිය යැවිමේ හැකියාව අහිමි වෙනවා.
  5. Chat Backup Feature එක අහිමි වෙන අතර Automatic Backup පහසුකමත් Disable වි යනවා.
  6. Chat History එක Export කිරිමේ හැකියාව අහිමි විම.

සති කිහිපයකට පසුව ඔබට මෙතෙක් WhatsApp තුල භාවිත කිරිමට ලැබුණ Messages හා Calls පහසුකම් ද අහිමි වි යන අතර ඒ Messaging Service එක සම්පුර්ණයෙන්ම Disable වෙන නිසයි.

කෙසේ වෙතත් ඔබට මැයි 15 සිය දින 120ක කාලයක් මේ නව Privacy Policy එක සදහා එකග විමට කාලය ලැබෙන අතර ඒ කාලය අතර තුර Messaging Service එක සම්පුර්ණයෙන්ම Disable වි පැවතුන ද Privacy Policy එක සදහා එකග විම තුලින් සාමාන්‍ය පරිදි නැවත WhatsApp භාවිතා කිරිමේ හැකියාව ලැබෙනවා.

කෙසේ වෙතත් මේ දින 120 තුලත් ඔබ Privacy Policy එක සදහා එකග නොවන්නේ නම් ඉන් පසුව WhatsApp ගිණුම Delete කිරිමට කටයුතු සිදු වෙනු ඇත.

Source : WabetaInfo, WhatsApp

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara