WhatsApp සඳහා Sticker Suggestion පහසුකම ලබා දෙයි

යම් Emoji එකක් Chat Bar එකෙහි ඇතුළත් කළ විට එම Emoji එකට අදාළ Stickers Suggestion පෙන්වීමේ පහසුකම ලබා දී තිබෙනවා.

WhatsApp සඳහා Sticker Suggestion පහසුකම ලබා දෙයි

2018 වසරේදී WhatsApp හරහා Stickers Share කිරීමේ හැකියාව ලබා දෙන ලදී. ඉන් පසුව Sticker නිර්මාණයට සහ 3rd Party Apps වලින් Sticker Pack WhatsApp වෙත Import කිරීමටද හැකියාව ලබා දෙන ලදී. මෙසේ Sticker නිර්මාණය කිරීමේදී එක් එක් Sticker එක සමඟ නිශ්චිත Emojis Add කිරීමට අවශ්‍ය විය.

එයට හේතුව හෙළිදරව් කරමින් යම් Emoji එකක් Chat Bar එකෙහි ඇතුළත් කළ විට එම Emoji එකට අදාළ Stickers Suggestion පෙන්වීමේ පහසුකම ලබා දී තිබෙනවා.

Image Source: wabetainfo.com

නිතර WhatsApp මඟින් Chat කිරීමේදී Stickers භාවිතා කරන්නන්ට මෙය ඉතා වැදගත් පහසුකමක් වනවා. මන්ද යත් කාලයත් සමඟ Save කරගෙන සිටින Stickers සංඛ්‍යාව වැඩි වන අතර Sticker එකක් සොයා ගැනීම තරමක් සංකීර්ණ වනවා. මේ පහසුකම සමඟ අවශ්‍ය Emoji එක Type කිරීම තුළින් ඉතා ඉක්මනින් අදාළ Sticker එක සොයා ගත හැකි වනවා. තවද මෙය 3rd Party Apps හරහා Add කරන ලද Stickers සඳහා ද ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.


මේ පහසුකම මේ වන විට Beta Version එක සඳහා ලබා දී අවසන් අතර මේ වන විට Android සහ iOS Public Versions සඳහා ලබා දෙමින් පවතිනවා. ඉදිරියේදී මෙවැනිම වූ බොහෝ තොරතූරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැදී සිටින්න.

Source: wabetainfo.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna