Channels සමඟ වෙනස්වූ WhatsApp Status Section එක නැවත පෙර තිබූ පරිදිම Redesign කරයි

WhatsAppහි Status දිස්වන ආකාරය Instagramහි Stories ලෙසින් වෙනස් කරනු ලැබුවා. බොහෝමයක් පරිශීලකයන්ගෙන් මෙයට චෝදනා එල්ල වූ නිසා පෙර තිබූ ආකාරයට Redesign කොට තිබෙනවා.

Channels සමඟ වෙනස්වූ WhatsApp Status Section එක නැවත පෙර තිබූ පරිදිම Redesign කරයි

ලොව ප්‍රමුඛතම Instant Messaging සේවාවක් වන WhatsApp වෙත බොහෝ කාලයට සිට නවතම විශේෂාංග රැසක් Meta සමාගම විසින් හඳුන්වාදෙනු ලබනවා. Android වැඩකාරයෝ අපත් සමඟම බොහෝ කාලයක සිට ඔබ රැඳී සිටි පාඨකයෙක් නම් එසේ හඳුන්වාදෙන ලද නව විශේෂාංග නිකුත් වීමටත් පෙරදීම අප ඔබ වෙත ගෙන ආවා ඔබට මතක ඇති.


WhatsApp Channels විශේෂාංගය නිකුත් කිරීමත් සමඟම Status Tab එක Updates ලෙස Rename කොට Status දිස්වන ආකාරය Instagramහි Stories ලෙසින් වෙනස් කරනු ලැබුවා. කෙසේවෙතත් බොහෝමයක් පරිශීලකයන්ගෙන් මේ සඳහා විවිධ චෝදනා එල්ල වූ අතර Meta සමාගම විසින් මෙය නැවතත් පෙර තිබූ ආකාරයට Redesign කිරීමට කටයුතු කරමින් සිටිනවා.

Source: wabetainfo.com

ඉහත Screenshot එකෙහි දැකිය හැකි පරිදි Status Section එක Viewed Updates සහ Muted Updates ලෙසින් කොටස් දෙකකට බෙදා ඇති අතර එම Drop Down එක මත Click කළ විට මුලින් තිබූ පරිදිම Status සියල්ල List එකක් ලෙසින් දිස්වනු ලබනවා.


මෙම UI Redesign එක මේ වන විට තෝරාගත් Beta පරිශීලකයන් කිහිපදෙනෙක් සඳහා නිකුත් කර ඇති අතර නුදුරේදීම සියලු පරිශීලකයන්ට ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිවනවා. ඉදිරියේදීත් මෙවැනිම වූ තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Source: wabetainfo.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna