WhatsApp Status සඳහා නව විශේෂාංග 5ක් එක කිරීමට Meta ආයතනය කටයුතු කර​යි

WhatsApp Status සඳහා නව විශේෂාංග 5ක් එක කිරීමට Meta ආයතනය කටයුතු කර​යි

ලොව ජනප්‍රියතම Messaging App එක ලෙස නම් දරා සිටින WhatsApp හි ඔබ කැමතිම Feature එක කුමක්දැයි ඇසුවොත් ඔබ සැම දෙන පිළිතුර Status පහසුකම බව අමුතුවෙන් දැක්විය යුතු නොමැති වනවා. බොහෝ දෙනෙකු WhatsApp අතහැර වෙනත් Messaging App සදහා මාරැ විමට මැලිකමක් දැක්වීමටත් ප්‍රධාන හේතුව මෙය බව නිසකයි.

WhatsApp හි නිල Blog අඩවිය විසින් ඔවුන්ගේ Blog Post එකක් හරහා නිවේදනය කර සිටින්නේ WhatsApp Status පහසුකම සදහා නව විශේෂාංග 05ක් හදුන්වා දි ඇති බවයි. එමෙන්ම WhatsApp හි Chats සහ Calls මෙන්ම Status සදහාත් end-to-end encryption මගින් ආරක්ෂාව ලැබෙන බව වැඩි දුරටත් දක්වා තිබෙනවා.

Status Reactions

මේ නව Status Reactions සමගින් ඔබට ඉතා ඉක්මනින් සහ පහසුවෙවෙන් Status එකක් සදහා ප්‍රතිචාර දැක්විමේ හැකියාව හිමි වෙනවා. මේ සදහා තොරාගත් Emojis 08 ක් ලබා දී තිබෙනවා.

Status Profile Rings for New Updates

Profile එක වටේට තිබෙන කොළ පැහැයට හුරැ Ring එක ඔස්සේ නව Status එකක් Post කළ පසු එය අපේ Chat Screen එක ඔස්සේම දැන ගැනිමේ හැකියාව මේ ඔස්සේ හිමි වෙනවා. මීට අමතරව මෙය Chat list එකේ, Group Participant Lists වල සහ Contact infoවල බලා ගැනිමට හැකියාව ලැබෙනවා.

Private Audience Selector

මේ පහසුකම ඔස්සේ ඔබ Status එකක් Post කරන අවස්ථාවේදීම ඔබට එම Status එක දැකිය යුත්තේ කවුදැයි යන්න Select කළ හැකි වනවා.

Voice Status

මේ මගින් ඔබට තත්පර 30ක Voice Note එකක් Status මගින් බෙදා ගත හැකි වනවා.

ඔබ විසින් යම් Link එකක් Status ඔස්සේ පළ කර විට එම Link එකට අදාල Visual Preview එක Automatically Preview කිරිමේ හැකියාව මේ තුළින් ලැබෙනවා.

මෙම Features සියල්ලම මේ වන විටත් WhatsApp Stable Version එක සදහා ලබා දීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඔබට ඔබගේ Android හෝ Apple Devices මගින් WhatsApp හි නවතම සංස්කරණය ඔස්සේ මේ Features සියල්ල ලබා ගැනිමේ හැකියාව තිබෙනවා.

Sources: blog.whatsapp.com bgr.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara