WhatsApp notes දාගන්න එහෙම නැත්තං WhatsApp එකේ Self chat කරන්න මෙන්න trick එක

WhatsApp notes දාගන්න එහෙම නැත්තං WhatsApp එකේ Self chat කරන්න මෙන්න trick එක

WhatsApp කියන්නෙ ලෝකයේ ජනප්‍රියතම වගේම, වැඩිම පිරිසක් භාවිතා කරන Messaging Service එකක් බව කවුරුත් දන්න කරැණක්. මෙන්න මේ WhatsApp App එකේ ටිකක් ලේසියෙන් හොයාගන්න පුලුවන්කමක් නැති අපිට ඉතා ප්‍රයෝජනවත් අංගයක් තියෙනවා. ඒ තමයි ඔයාලට Whatsapp App එක ඇතුලෙ ඔයාලට කැමති සටහන් එහෙම නැත්තං වැදගත් Notes දාගන්න පුලුවන්. Signal Messaging App එකේ නම් මේ දේවල් පහසුවෙන් කරගන්න අවස්ථාව ලබා දි තියෙනවා.

අපි WhatsApp භාවිතයෙන් එදිනෙදා Text messages, Photos, Videos, Files, Documents, Stickers සහ GIFs වැනි දේවල් හුවමාරුව කරගන්නවා. ඊ​ට අමතරව අපිට ස්වයං සටහන් එහෙම නැත්තං Self notes දාගන්නත් පුලුවන් මේ WhatsApp App එක හරහාම. අපිට අවශ්‍ය Stickers, links උනත් මේ self Note එකට දාලා අවශ්‍ය වෙලාවට ගන්න පුළුවන්.

මේ පහසුකම ලබාගන්න පහසු නමුත් මේක කට්ටිය අතරෙ වැඩිය ජනප්‍රිය නම් නෑ. මං හිතනවා ඒකට ලොකුම හේතුව වෙනවා ඇත්තෙ ගොඩක් අය දන්නෙ නැතුව ඇති කොහොමද මේක කරන්නෙ කියලා. Notes තියා ගැනීම, කළ යුතු දේ ලැයිස්තු ගත කිරීම සහ තවත් දේ සඳහා WhatsApp හි self chat යොදාගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු.

  1. ඉස්සෙල්ලම ඔයා ඔයාගෙ දුරකතනයේ හෝ පරිගණකයේ වෙබ් බ්‍රව්සර් එකක් (Google Chrome, Firefox, Brave) ඕපන් කරගන්න.
  2. දැන් එහි Address bar එකේ wa.me// කියලා Type කරගන්න. ඊටප්සේ ඉලගට ඔයාගෙ දුරකතන අංකයත් ( Country Code එක සමග ) ටයිප් කරලා Enter කරගන්න. උදා: " wa.me//+94xxxxxxxxx "
wa.me//+94(Your number)

3. දැං ඔයාලට Window එකක් පෙන්නයි chat එකක් ඕපන් කරන්න කියලා. ඒක ඔයාලගෙ Whatsapp App එකෙන් ඕපන් කරගන්න. එතකොට ඔයාට Self chat කිරීම, සටහන් එකතු කිරීම හෝ ඡායාරූප සහ වීඩියෝ save කරගැනීම මේ Chat එක හරහා සිදු කරන්න පුළුවන්.

Self chat

4. ඔයා මේක කරන්නෙ පරිගණකයකින් නම් ඉහත පියවරට පස්සෙ "Continue to Chat” කියලා window එකක් ඕපන් වෙයි. ඒක උඩ Click කිරීමෙන් WhatsApp Web හෝ WhatsApp Desktop මගින් ඔයාගෙ Chat එක ඕපන් වෙයි. දැං ඔයාට Whatsapp Web හෝ Whatsapp Desktop App මගිනුත් මේ මගින් Self chat පහසුකම අත්විඳින්න පුළුවන්.

වැඩේ කරලා තියාගන්න එහෙනම්. මොනම වෙලාවක හරි ඔයාල​ට මේක වැදගත් වෙන්න පුළුවන්.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara