නව Privacy Policy එකට එකඟ නොවන්නන්ට සීමාවන් පනවන්නේ නැති බව WhatsApp සමාගම පවසයි

නව Privacy Policy එකට එකඟ නොවන්නන්ට සීමාවන් පනවන්නේ නැති බව WhatsApp සමාගම පවසයි

ඔබට මතක ඇති Facebook සමාගම විසින් WhatsApp වෙත පසුගිය ජනවාරි මාසයේදි හදුන්වා දුන් නව Privacy Policy එක මගින් ලොවපුරා එම Privacy Policy එක පිළිබඳව මහත් ආන්දෝලනයක් ඇති වුවා. එමෙන්ම ඒ සමග බොහෝ පිරිස් Telegram හා Signal ආදි වෙනත් Messaging Services වෙත මාරැ විමටත් කටයුතු කරනු ලැබුවා. මේ හේතුන් Facebook සමාගම විසින් මේ නව Privacy Policy එක සදහා එකග විමට ලබා දි තිබුණු කාලය මේ මස 15 (මැයි) දක්වා කොන්දේසි කිහිපයක් සමගින් දිර්ඝ කිරිමට කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් නැවත Facebook සමාගම විසින් මැයි 15න් පසුව නව Privacy Policy එක සදහා එකග නොවුවද සීමිත පහසුකම් කිහිපයක් සමගින් WhatsApp භාවිත කිරිමට අවස්ථාව ලබා දෙන බව පවසා සිටියා. ඒ වගේම පසුගිය දිනකදි ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් WhatsApp හි මේ නව Privacy Policy එක ඉවත් කර ගැනිමට කටයුතු කරන ලෙසට නියෝගයක්ද නිකුත් කර තිබුණා.

මෙලෙස Whatsappහි නව Privacy Policy එකට දිගින් දිගටම එල්ල වු විරෝධතා හමුවේ, මැයි 15 සිට මේ Privacy Policy එක සදහා එකග නොවුන WhatsApp Usersලා සදහා පනවනු ලැබු සියලු සිමාවන් සියල්ල ඉවත් කිරිමට ඔවුන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඔබ මේ වෙන විටත් මේ WhatsApp නව Privacy Policy එක සදහා එකග නොවි සිටි නම් ඔබගේ WhatsApp ගිණුම සදහා කිසිදු බලපැමක් සිදු වෙන්නේ නැ. එනම් ඔබට නැවත සමාන්‍ය පරිදි WhatsApp භාවිත කල හැකි වෙනවා.

කෙසේ වෙතත් ඔවුන් විසින් දක්වා ඇත්තේ මේ වෙන විට WhatsApp Usersලා විශාල ප්‍රමාණයක් විසින් මේ නව Privacy Policy එක සදහා එකග වි ඇති බවයි.  එලෙසම මේ වෙන තුරැත් මේ සදහා එකග නොවි සිටින WhatsApp Usersලාට මේ නව Privacy Policy එක පිළිබඳව විටින් විට WhatsApp App එක හරහා මතක් කිරිමට කටයුතු කරනු ඇති අතර ඒ අවස්ථාවලදි කැමති නම් මේ නව Privacy Policy එක සදහා එකග විය හැකි වෙනවා.

මීට අමතරව WhatsApp Business Accounts සදහාත් මේ සියල්ල මේ ආකාරයෙන්ම සිදු වෙන අතර මේ නව Privacy Policy එක සදහා එකග නොවු Usersලාට මේ පිළිබඳව වරින් වර මතක් කිරිම් ලැබෙනු ඇත. එමෙන්ම සාමාන්‍ය WhatsApp Usersලාගේ මෙන්ම WhatsApp Business Account Usersලාගේ ද WhatsApp ගිණුම් ඉවත් කර දැමිමක් හෝ යම් යම් පහසුකම්වල සිමා විමක් සිදු නොවන බවත් ඔවුන් වැඩි දුරටත් දක්වා තිබෙනවා.

Sources: WhatsApp, The Verge, XDA Developers

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara