WhatsApp හරහා Original Quality එකෙන් යුතුව ඡායාරූප යැවිමේ හැකියාව ලබා දෙයි

WhatsApp හරහා Original Quality එකෙන් යුතුව ඡායාරූප යැවිමේ හැකියාව ලබා දෙයි

පසුගිය 2021 වසරේදී පමණ WhatsApp සදහා Compress කිරීමකින් තොරව ඡායාරූප යැවිමේ පහසුකම ලබා දීමට ඔවුන් විසින් කටයුතු කරමින් සිටින බවට අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා ඔබට මතක ඇති. කෙසේ වෙතත් මේ දක්වාම ඔවුන් WhatsApp හි Settings වලට ගොස් ඒ මගින් වෙනස් කිරිමේ හැකියාව ලබා දී තිබුනද Original Quality එකෙන් යුතුව ඡායාරූපයක් යැවිමට ඉන් ද හැකියාවක් ලැබුණේ නැ. ඔවුන් විසින් පසුගිය දිනක ඔවුන්ගේ නිල Blog අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබුනේ මෙම හැකියාව ඡායාරූපයක් යව​න අවස්ථාවේදීම වෙනස් කිරිමේ හැකියාව මෙන්ම Original Quality එකෙන් යුතුව යැවිමේ හැකියාවත් ලබා දීමට කටයුතු කරමින් සිටින බවයි.

ඒ අනුව ඔවුන් විසින් මීට පෙර WhatsApp Settings ඔස්සේ Automatic, Best Quality සහ Data Saver ලෙස Options තුනක් යටතේ ඡායාරූප යැවිය යුතු Quality එක තෝරා ගැනිම සදහා අවස්ථාව ලබා දී තිබුණද ඉන් Best Quality Option එක මගින්ද Original Quality එකෙන් යුතුව ඡායාරූප යැවිමේ හැකියාව පරිශීලකයන්ට ලැබුනේ නැත.

කෙසේ වෙතත් ඔවුන් විසින් WhatsApp Beta Android සදහා නිකුත් කරන 2.23.2.11 සංස්කරණය ඔස්සේ ඡායාරූපය යවන අවස්ථාවලදීම තමන්ට අවශ්‍ය Quality එක තෝරා ගැනිමට මෙන්ම Original Quality එක සමගින් ඡායාරූප යැවිමේ අවස්ථාවත් හිමි වෙනු ඇත.

Image : WaBetaInfo

තවමත් සංවර්ධන මට්ටමේ පැවතෙන නිසා 2.23.2.11 සංස්කරණය මගින් Android Beta පරිශීලකයන්ට පමණක් නිකුත් වන මෙය ඉදිරියේදි Stable සංස්කරණයක් මගින් සෑම WhatsApp පරිශීලකයෙකුටම ලබා ගත හැකි අයුරින් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න.

Sources: wabetainfo.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara