Google Search එකේ WhatsApp numbers පෙන්වීමේ දෝෂය නිරාකරණය කෙරේ

Google Search එකේ WhatsApp numbers පෙන්වීමේ දෝෂය නිරාකරණය කෙරේ

WhatsApp සේවාවේ තිබූ විශාල දෝෂයක් වූ WhatsApp අංක Google Search හි ප්‍රදර්ශනය වීමේ දෝෂය අන්තිමේදී නිරාකරණය කිරීමට සමත් වී ඇත. Athul Jayaram නමැති ස්වාධීන cybersecurity පර්යේෂකයා මෙම දෝෂය සොයාගන්නා ලදි.

මෙම දෝෂය පැනනැගී ඇත්තේ Double Click to Chat නම් feature එකක් හේතුවෙනි. මෙම feature එක නිසා තමන්ගේ දුරකථන නාමාවලියේ නොමැති Whatsapp සබඳතාවක් සමඟ වුවත් chat කළ හැකියි. එම feature එක භාවිතා කිරීමේදී link එකක් generate කරන ලබන අතර එය පහත ආකාරයේ link එකකි.

https://wa.me/<number>

මෙම සේවාව බොහෝ ව්‍යාපාරික කාරණා සඳහා WhatsApp භාවිතා කරන්නන් නිතර යොදාගන්නා ක්‍රමයකි.

මෙහි ඇති වූ ගැටළුව වූයේ ඉහතින් generate වූ link, Google Search හි පෙන්වීමයි. site:wa.me ලෙස search query එකක් යෙදූ විට Click to Chat සේවාව භාවිතා කළ අයගේ දුරකථන අංක සියළු දෙනාට දැකබලාගත හැකි ආකාරයට නිරාවරණය වේ.

Jayaram නම් එම පර්යේෂකයා සොයාගෙන ප්‍රසිද්ධ කළ පරිදි, මෙම ආකාරයට පරිශීලකයන්ගේ දුරකථන අංක Google Search හි ප්‍රදර්ශනය වීම ගැන කිසිම අවබෝධයක් ඒ අදාළ පරිශීලකයන්ට තිබී නැත.

මෙම දෝෂය යම් කලක් දිගටම පැවතුණු අතර මුලින් Whatsapp Group වල Links, Google Search වෙත නිරාවරණය වීමද මේ ආකාරයටම පැවතුණි. ඉන් පසුව මෙම දුරකථන අංක ප්‍රශ්ණය පැන නැගුණ අතර ප්‍රසිද්ධියේ සිදුකළ විවේචන හේතුවෙන් Facebook යටතේ ඇති WhatsApp ආයතනයට අදාළ දෝෂ නිරාකරණය කිරීමට සිදු විය.

WhatsApp ආයතනයෙන් ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ එම පර්යේෂකයාගේ ක්‍රියාව අගය කරන නමුත් මෙවැනි කාරණාවක් දෝෂයක් ලෙස සැලකිය නොහැකි බවත් ය. එයට හේතුව වශයෙන් ඔවුන් පවසන්නේ මෙම link අදාළ පරිශීලකයාගේ අනුදැනුම සහිතව ඒවා ඕනෑම කෙනෙක්ට ලබාගත හැකි ආකාරයට (publically available) පත් කළ බවයි.

කෙසේ නමුත් මෙහිදී ද ඔවුන් සිදු කර ඇත්තේ පරිශීලකයා වෙත වරද පටවා නිශ්ශබ්ද වීමයි.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara