WhatsApp Pink malware එක මඟින් Signal, Telegram සහ Viber හරහා ලැබෙන පණිවුඩ වලට ස්වයංක්‍රීයවම පිළිතුරු සපයන බව සොයා ගැනේ

WhatsApp Pink malware එක මඟින් Signal, Telegram සහ Viber හරහා ලැබෙන පණිවුඩ වලට ස්වයංක්‍රීයවම පිළිතුරු සපයන බව සොයා ගැනේ

ඔබට මතක ඇති ඊයේ (22.04.2021) අපි ඔබට මේ දිනවල WhatsApp තුල ව්‍යාප්ත වෙමින් පවතින WhatsApp Pink නම් Malware එකක් පිළිබඳව තොරතුරු ගෙන ආවා.

මේ WhatsApp Pink Malware එක පිළිබඳව ESET Researchersලා විසින් කරන ලද පරික්ෂණවලින් පසුව ඔවුන් මේ වෙන විට සොයා ගෙන තිබෙනවා මේ Malware එකට Signal, Telegram, Viber හා Skype වැනි යෙදුම් හරහා ලැබෙන පණිවිඩවලට ස්වයංක්‍රීයවම ප්‍රතිචාර දැක්විමේ හැකියාව ඇති බව.

මෙලෙස ස්වයංක්‍රීයවම ප්‍රතිචාර දැක්විමේ හැකියාව මගින් Pink WhatsApp Malware එක ස්ථාපිත WhatsApp ගිණුමකට ලැබෙන සියලු පණිවිඩවලට එම Malware එක මගින් ස්වයංක්‍රීයවම ප්‍රතිචාර දක්වන අතර ඒ සමග Pink WhatsApp App එක බාගත කල හැකි Link එකක් ද යැවිමට කටයුතු කරනවා. මේ Link එක තුලින් පණිවිඩය ලබන්නා Pink WhatsApp App එක බාගත කල හැකි වෙබ් අඩවිය වෙත යොමු කිරිම සිදු වෙනවා.

කෙසේ වෙතත් මේ Link එක මගින් ගොස් WhatsApp Pink App එක බාගත කර එය Install වු පසු එය විවෘත කිරිමේ දි App එක Install නොවු බව දක්වමින් Pink WhatsApp App icon එක අතුරැදහන් වි යනවා.

ඔවුන් දක්වන ආකාරයට මෙය WhatsApp Pink Malware එක සදහා ඉදිරියේ දි ලබා දිමට නියමිත යම් Update එකක පරික්ෂණක් විය හැකි වෙනවා. මේ තුලින් ඉතා පහසුවෙන් ඔවුන්ට WhatsApp Pink Malware එක පැතිරවිමේ හැකියාව ලබා ගැනිමට ඔවුන් බලාපොරොත්තු වෙන බවයි ඔවුන් සදහන් කරන්නේ.

කෙසේ වෙතත් ඔබ WhatsApp Pink App එක බාගත කර ඇති නම් ඔබගේ Smart Phone එකේ Settings හි ඇති App Manager Setting මගින් ⁣මේ සදහා ලබා දි ඇති Permission ඉවත් කර Smart Phone එක තුලින් ඉවත් කර දැමිමේ හැකියාව පවතිනවා.

Source : Bleeping Computer

Read more

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna
Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

By Bhasura Nuwan Kularathna
Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

පසුගියදා පැවති Google I/O Event එක සමඟින් Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android Version එක වන Android 15 පිළිබඳව වු සියලුම කරුණු මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

By Bhasura Nuwan Kularathna