Android 4.0.3 සහ iOS 9 වලට පෙර පැමිණි සංසකරණයන්ට WhatsApp විසින් සහය ලබා දීම අවසන් කරයි

මේ වන විට Facebook සමාගම විසින් තව දුරටත් WhatsApp ක්‍රියාත්මක නොවන iPhone හා Android Smartphones පිළිබඳව නිවේදනය කර තිබෙනවා.

Android 4.0.3 සහ iOS 9 වලට පෙර පැමිණි සංසකරණයන්ට WhatsApp විසින් සහය ලබා දීම අවසන් කරයි

WhatsApp කියනනේ Most Used Cross Platform Instant Messaging App එකක් කිවොත් නිවරදියි. Android හා iOS වලට අමතරව KaiOS Devices සදහාත් WhatsApp App එක ක්‍රියාත්මක වෙනවා. සැම වසරකම අවසානයේ දි Facebook සමාගම විසින් පැරණි OS සදහා WhatsApp හි Support එක ඉවත් කරන බවට නිල වශයෙන් නිවේදනය කරනවා. ඒ අනුව මේ වන විට Facebook සමාගම විසින් තව දුරටත් WhatsApp ක්‍රියාත්මක නොවන iPhone හා Android Smartphones පිළිබඳව නිවේදනය කර තිබෙනවා.

මේ නිවේදනයට අනුව Whatsappහි ක්‍රියාකාරිත්වය Android 4.0.2 හා iOS 8 Devices සදහා මින් පසුව නොලැබෙනවා. එනම් මින් පසුව Android 4.0.3 හෝ iOS 9 මත ක්‍රියාකරන Smartphone එකක් WhatsApp භාවිත කිරිමට නම් අවශ්‍ය වෙනවා. ඒ අනුව Apple iPhone 4, Samsung Galaxy S2, HTC Desire, LG Optimus Black හා Motorola Droid Razr Smartphonesවලට මින් පසුව WhatsApp ලබා ගත නොහැකි වෙනවා.

අවසාන වශයෙන් දැනට iPhone 4s (iOS 9), iPhone 5 (iOS 10) හා iPhone 5s (iOS 12) සිට අලුත්ම iPhones දක්වා WhatsApp App එක භාවිත කල හැකි වෙනවා. Android Smartphone ගැන සැලකිමේදි Android Version එක 4.0.3 ඉහලට ක්‍රියාත්මක වෙන සැම දුරකථනයකම WhatsApp App එක ක්‍රියාත්මක වෙනවා.

Sources : Gizmochina, WhatsApp

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna