Android සිට iOS කරා මාරු වීමේ සහය WhatsApp විසින් ලබා දේ
![Android සිට iOS කරා මාරු වීමේ සහය WhatsApp විසින් ලබා දේ](/content/images/size/w1200/2022/08/whatsapp-now-officially-supports-cross-platform-chat-transfers-between-ios-and-android.jpg)
WhatsApp විසින් Android සහා iOS අතර Chat history හුවමාරු කිරීම පසුගිය කාලවකවානුවේ සිටම පරික්ෂා කරමින් සිටියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම විශේෂාංගයේ සම්පුර්ණ ක්‍රියාකාරීත්වය නිල වශයෙන් සමාගම විසින් එළිදක්වනු ලැබුවා. මෙතෙක් මෙම හුවමාරු වීම third-party data transferring tools ආධාරයෙන් සිදුවූ අතර ඒවා තුලින් chat history එක මාරු කිරීමට පමණක් අවස්ථාව ලැබුණි. කෙසේ වෙතත් මෙම third-party tools සදහා යම්කිසි මුදලක් ගෙවිය යුතු වන අතර ඒවා භාවිත කිරීමද එතරම් පහසු නොවේ.
A new way to keep the chats that mean the most 📱📲 Today, you’ll have the ability to transfer your entire chat history from Android to iOS and vice versa. Now you have the freedom to switch to and from your preferred devices.
— WhatsApp (@WhatsApp) July 20, 2022
මේ අවස්ථාව වන විට මෙම හුවමාරු ක්‍රමය Android සිට iPhone වෙත පමණක් ක්‍රියාත්මක වන අතර මෙය සිදු කිරීම සඳහා Android හි Move to iOS app එක භාවිතා කිරීම අවශ්‍ය වනවා. තවද මෙය සිදු කිරීම සදහා android හා එය ලබා ගන්නා iOS Device එක යන දෙකෙහිම WhatsApp latest version එක තිබිය යුතු වීම අනිවාර්ය වන අතර පැරණි දුරකතනයේ දුරකථන අංකයම හුවමාරු කරන දුරකතනයේද භාවිත කල යුතු වනවා. මීලග පියවර ලෙස හුවමාරුවට යොදාගන්නා iPhone එකද factory reset එකකින් පසුව යොදා ගත යුතු වන අතර හෝ නව උපාංගයක් විය යුතුය.
ඉහත උපදෙස්වල දක්වා ඇති පියවර මත පදනම්ව, WhatsApp විසින් iOS හි දුරකථනයකට WhatsApp chat history එක සාර්ථක ලෙස මාරු කිරීම සඳහා එහි Move to iOS App එක piggyback කිරීමට Apple සමඟ කටයුතු කර ඇත. ඔවුන් විසින් වැඩිදුරටත් දක්වා ඇත්තේ මෙම ක්‍රියාවලියේදී account information, profile photo, individual/group chats, chat history, chat media සහා WhatsApp settings යන අංගයන් සියල්ලම හුවමාරු වන බවයි. මෙහිදී WhatsApp call history එක හා peer to peer payment messages මාරු කිරීමට නොහැකි වනවා.
iOS සහ Android අතර මාරුවීමේදී WhatsApp Chats ලබාගැනීමට නොහැකි වීම පරිශීලකයින් විසින් අත්විදින මහත් ගැටලුවකි. දැනට පවතින බොහෝමයක් messaging apps මගින් Android හෝ iOS යන ඕනෑම device එකක් ඔස්සේ messages සහ chats වෙත පිවිසීමට ඉඩ සලසා ඇති නමුත් WhatsApp භාවිතා කළ හැකිවන්නේ තනි දුරකථන අංකයකින් සහ තනි Smartphone එකක් ඔස්සේ පමණි. කෙසේ වෙතත් WhatsApp විසින් මෑතකදී හදුන්වා දුන් පරිදි main mobile device එක ලග නොමැති අවස්ථාවකදී linked devices මගින් WhatsApp වෙත log වීමට ඇති හැකියාව යම්තාක් දුරට හොද අවස්ථාවක් වනවා.
Sources: GSMArena WhatsApp via Twitter