Android සිට iOS වෙත chat history එක මාරු කිරීමේ විශේෂාංගය WhatsApp beta වෙ​ත

Android සිට iOS වෙත chat history එක මාරු කිරීමේ විශේෂාංගය WhatsApp beta වෙ​ත

පසුගිය වසරේ WhatsApp සමාගම විසින් iOS සිට Android වෙතට WhatsApp Chat History හුවමාරු කිරීම Samsung සමගින් ගිය අගෝස්තු මාසයේදී පටන් ගනු ලැබුවා. එය ඔක්තෝම්බර් මාසය වන විට සියලුම Android 12 Device සදහා ද එක් කරනු ලැබුවා. තවද, Android සිට iOS වෙතට Chat History හුවමාරු කිරීම ද මේ වනවිට Beta පරීක්ෂණ වල පවතිනවා.

කෙසේ වෙතත් WhatsApp සදහන් කරන පරිදි මෙම Option එක සියලු පරිශීලකයින්ට ලබා ගැනීම සදහා කෙටි කාලයක් ගත වන බවයි. නමුත් මේ වන විටත් WhatsApp Beta භාවිත කරන්නන් සදහා මෙම Option එකට අවශ්‍ය Requirements WhatsApp විසින් මෙලෙස දක්වනවා.

  1. Android 5 (Lollipop) හෝ ඊට ප​සු, WhatsApp (Android) 2.22.7.74 or later
  2. iOS 15.5, WhatsApp (iOS) 2.22.10.70 or later
  3. Same phone number as on the old phone
  4. Possible only during the initial setup of the iPhone

සාමාන්‍ය ආකාරයට නම් මෙම හුවමාරු කිරීම සිදු කරන්නේ, එහෙදි Apple’s Move to iOS යන App එක භාවිතා කරනවා. මෙයින් අදහස් වෙන්නේ පැරණි සහ නව දුරකථන එකම Wi-Fi ජාලයකට සම්බන්දව තිබිය යුතු බවයි.

කෙසේ වෙතත් මෙම App එක ඔස්සේ WhatsApp Call History ගෙන ඒමක් සිදු නොවේ.

Sources: GSMArena The Verge

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara