WhatsApp පණිවිඩ මකා දැමීමට දින දෙකක කාලයක් ලබා දේ

WhatsApp පණිවිඩ මකා දැමීමට දින දෙකක කාලයක් ලබා දේ

Whatsapp යනු ලෝකයේ දැනට විශාල වශයෙන් තොරතුරු හුවමාරු කරගැනීමට භාවිත වන ප්‍රධාන සමාජ ජාලාවන්වලින් එකක් ලෙස දක්වන්න පුලුවන්. මෙහි ඇති විශේෂාංග බොහෝමයක් නිසා සහ භාවිතයේ පහසුව නිසා අද වන විට ලොවපුරා ජනප්‍රියතම Messaging App එක බවට Whatsapp පත්ව තිබෙනවා. අද අපි කියන්න යන්නේ මෙම Whatsapp තුල ඇති විශේෂාංගයක වැඩිදියුණු කිරීමක් ගැනයි.

Whatsapp මගින් අපි යැවූ පණිවිඩයක් යවන්නා සහ ලබන්නා යන දෙදෙනාගෙන්ම Delete කිරීමට ඇති "Delete For Everyone" පහසුකම කාලයක සිටම ලබාදී තිබෙනවා. කෙසේ වෙතත් එහිදි අපට හැකි වුයේ යම් පණිවිඩයක් යවා මිනිත්තු 68ක් ඇතුළත Delete කිරිමේ හැකියාව පමණයි.

WhatsApp නිල Twitter ගිණුම ඔස්සේ සදහන් කර ඇති පරිදි පසුගිය අගෝස්​තු 09 වනදා සිට යවන්නා සහ ලබන්නා යන දෙදෙනාගෙන්ම Delete කිරීමට ඇති "Delete For Everyone" පහසුකම භාවිත කිරිමට ලබාදී තිබු මිනිත්තු 68 කාලය, දින දෙකක් දක්වා දිර්ඝ කිරිමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව දැන් ඔබට ගතවු පැය 48 නැත්තම් දින දෙක තුල යැවු යවන්නා සහ ලබන්නා යන දෙදෙනාගෙන්ම Delete කිරිමට අවශ්‍ය පණිවිඩ Delete කිරිමේ හැකියාව ලැබෙනවා.

Sources: WhatsApp

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna