MacOS සඳහා නව WhatsApp Desktop App එකක් Meta සමාගම විසින් හඳුන්වා දෙයි

MacOS සඳහා නව WhatsApp Desktop App එකක් Meta සමාගම විසින් හඳුන්වා දෙයි

ඔබට මතක ඇති මීට පසුගිය වසරේදී WhatsApp Desktop මෘදුකාංගයේ තිබූ බොහෝ ගැටලු මඟ හරවා Windows වෙත Windows UWP යොදාගනිමින් Meta සමාගම නව WhatsApp Desktop මෘදුකාංගයක් හඳුන්වා දෙනු ලැබුවා.

මින් පසුව ඇතිවූ ගැටලුවක් වූයේ iOS පරිශීලකයන්ට තම දුරකථනයෙන් සිදු කරන සියලුම දේ MacOS සඳහා තිබූ Desktop මෘදුකාංගයෙන් සිදු කළ නොහැකිවීමයි. මෙයට විසඳුමක් වශයෙන් Meta සමාගම Mac Catalyst යොදාගෙන MacOS සඳහා Native App එකක් හඳුන්වා දී තිබෙනවා.

WhatsApp beta for MacOS via wabetainfo.com

Mac Catalyst භාවිතයෙන් නිර්මාණය ලද නව යෙදුම, macOS හි WhatsApp භාවිතා කරන්නන් සඳහා වඩාත් බාධාවකින් තොර අත්දැකීමක් ලබා දෙනවා. Mac හි Hardware වලින් පූර්ණ ප්‍රයෝජන ගැනීමට යෙදුම නිමවී කර ඇති අතර, වේගවත් සහ වඩා කාර්යක්ෂම පරිශීලක අත්දැකීමක් ලබා දෙනු ලබනවා. මීට අමතරව, මෙහි ඇති Sidebar එක මඟින් සාමාන්‍ය MacOS සඳහා වූ Apps මෙන් පෙනෙන පරිදි නිර්මාණය කර ඇති අතර විශේෂත්වයක් වන්නේ මෙහි File Drag & Drop කිරීමේ හැකියාව තිබීමයි.

ඔබට මෙහි .dmg file එක මේවන විට මේ හරහා ලබා ගෙන install කර ගත හැකි වනවා. නමුත් තවමත් Beta මට්ටමේ පවතින බැවින් සමහර විශේෂාංග තවමත් නිසි ලෙස ක්‍රියා නොකළ හැකි අතර තවත් විශේෂාංග ඉදිරියේදී නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව Meta සමාගාම දක්වා තිබෙනවා.

මේ App එකෙහි Welcome Screen එකෙහි දක්වා ඇති පරිදි, Meta සමාගම මෙම යෙදුම පිළිබඳ ඔබේ අදහස් දැන ගැනීමට යෙදුමේ පහළ කොටසෙහි ඇති Feedback Button එකක් යොදා තිබෙනවා. ඒ තුළින් ඔබට මේ පිළිබඳව අදහස් හා යෝජනා ඔවුන් වෙත යොමු කළ හැකියි.

මෙවැනිම තාක්ෂණික පුවත් පිළිබඳව දැනුවත් වීම සඳහා Android වැඩකාරයෝ අප සමග සම්බන්ධ වී සිටින්න.

Source: wabetainfo.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara