WhatsApp සඳහා User Name හඳුන්වා දීමට Meta සමාගම සුදානම් වේ

WabetaInfo Blog අඩවිය විසින් වාර්තා කරක අන්දමට Meta සමාගම විසින් WhatsApp සඳහා Username පහසුකම ලබා දීමට කටයුතු කරමින් සිටින බවට වාර්තා වනවා.

WhatsApp සඳහා User Name හඳුන්වා දීමට Meta සමාගම සුදානම් වේ

ලොව ජනප්‍රියතම Messaging App එක වන WhatsApp සඳහා Meta සමාගම විසින් මේ වන විට විවිධ නව විශේෂාංග නිරන්තරයෙන්ම හඳුන්වා දෙමින් සිටිනවා.

ඒ අනුව මීට පෙර යැවු පණිවුඩ Edit කිරිමේ පහසුකමත්, Chat Lock කිරිමේ පහසුකමත් සහ එකම WhatsApp ගිණුම එකවර දුරකථන කිහිපය භාවිත කිරීමේ හැකියාව ආදි පහසුකම් රැසක් හඳුන්වා දීම සිදු කරනු ලැබුවා.

WabetaInfo Blog අඩවිය විසින් වාර්තා කරක අන්දමට Meta සමාගම විසින් WhatsApp සඳහා Username පහසුකම ලබා දීමට කටයුතු කරමින් සිටින බවට වාර්තා වනවා.

Image Source - wabetainfo.com

මේ සමඟින් තමන්ගේ දුරකථන අංකය වෙනත් පරිශීලකයකුට දිස් විමෙන් තොරව, එනම් දුරකථන අංකය ඔස්සේ පුද්ගලයා කවුද යන්න හඳුනා ගැනිමෙන් තොරව, මේ විශේෂිත User Name එක ඔස්සේ ඔබගේ අනන්‍යතාව දැක් විමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම මීට අමතරව WhatsApp App එක මගින්ම මේ Username භාවිතයෙන්, දුරකථන අංක දැන ගැනිමකින් තොරව අපට අවශ්‍ය පුද්ගලයන් සොයා ගැනිමේ හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

මේ ඔස්සේ තමන්ගේ පෞද්ගලික දුරකථන අංකය හෙළිදරව් කිරීමකින් තොරව ඕනැම WhatsApp පරිශීලකයකු සමඟ WhatsApp ඔස්සේ සන්නිවේදනය කිරීමේ හැකියාව ලැබෙනවා. මෙම Username පහසුකම ද end-to-end Encryption මගින් ආරක්ෂා කර ඇති බවත් මෙහි වැඩි දුරටත් දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් තවමත් සංවර්ධන මට්ටමේ පවතින මේ විශේෂාංග මෙතෙක් Beta Version සඳහා හෝ නිකුත් කර නොමැති වන අතරම මේ පහසුකම පිළිබඳ ඉදිරියේදි තවත් තොරතුරු නිල වශයෙන්ම වාර්තා වෙනු ඇතැයි ද බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: wabetainfo.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna