WhatsApp groups වල ඇති ඕනෑම පණිවිඩයක් මකා දැමීමේ හැකියාව group admin වරුන්ට ලබා දීමට සූදානම් ​වේ

WhatsApp groups වල ඇති ඕනෑම පණිවිඩයක් මකා දැමීමේ හැකියාව group admin වරුන්ට ලබා දීමට සූදානම් ​වේ

බිලියන 2කට අධික පරිශීලකයින්ගෙන් සමන්විත WhatsApp ජාලය මෑත කාලය තුල ඉතා ශීඝ්‍රයෙන්  ඔවුන්ගේ පරිශීලකයන්ට නව පහසුකම් රැසක් ලබා දුන් බව ඔබ දන්නවා ඇති. Multiple device support, Disappearing Mode, WhatsApp Advanced Search, WhatsApp Dark mode, Join missed group calls ආදී ඉතා විශාල නව updates ප්‍රමාණයක් පසුගිය කාලය තුල ඔවුන් ලබා දුන්නා. මේ ආකාරයට ඔවුන් ලබා දෙන තවත් නව update එකක් පිලිබදව Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් දන්වා තිබෙනවා.

මෙලෙස ඔවුන් ලබා දෙන නව පහසුකම වන්නේ WhatsApp Groups තුල Admin වරුන්ට Group එක තුල පවතින Message සියලු දෙනාගෙන් Delete කිරීමේ හැකියාවයි. උදාහරණයක් ලෙස ඔබ WhatsApp Group එකක Admin කෙනෙකු නම් Group එකට යම් පුද්ගලයෙක් එක් කරන අනවශ්‍ය links, අනවශ්‍ය Message ආදිය Group එකේ කිසිවකුට නොපෙනෙන ලෙස Delete කිරීමේ හැකියාව මේ අනුව ලැබෙනවා. මෙලෙස Delete කිරීමෙන් පසු “This was deleted by an admin, (admin name)” (එම Message එක Delete කල Adminගේ නම අවසානයේ) ලෙසින් පෙන්වනු ඇත.

මේ මගින් ඇතැම් පුද්ගලයන් group වලට යොදන අනවශ්‍ය Messages, Fake Links, ව්‍යාජ තොරතුරු ආදිය මීට පෙරදී අදාළ පුද්ගලයා විසින්ම ඉවත් කළ යුතු වුවත් මේ නව යාවත්කාලීන කිරීම යටතේ Group Adminටම එවන් දෑ ඉවත් කිරීමට හැකියාව ලැබේ. බොහෝ දුරට මෙම නව පහසුකම ලබන වසරේ මුල සිට ප්‍රථමයෙන්ම WhatsApp Beta පරිශීලකයන්ටත් පසුව සියලු පරිශීලකයන්ට ලබා දීමට ඉඩ ඇත.

Source: Xda-developers

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara