WhatsApp හරහා Compress කිරීමකින් තොරව ඡායාරූප යැවීමේ පහසුකම ලබා දීමට සැරසෙයි

WhatsApp හරහා Compress කිරීමකින් තොරව ඡායාරූප යැවීමේ පහසුකම ලබා දීමට සැරසෙයි

WhatsApp යනු ඉතා ජනප්‍රිය ක්ෂණික පණිවිඩ හුවමාරු යෙදුමක් වුවත් WhatsApp සමග කරට කර තරගයේ සිටින Telegram වැනි අනෙකුත් ක්ෂණික පණිවිඩ හුවමාරු යෙදුම්වල ලබා දී ඇති සමහර විශේෂාංග WhatsApp යෙදුමේ දැක ගැනීමට හැකි වන්නේ නැහැ. WhatsApp භාවිතා කරන්නන් වසර ගණනාවක් තිස්සේ බලා සිටි එවැනි එක් විශේෂාංගයක් වන්නේ Compress කිරීමකින් තොරව ඡායාරූප යැවීමේ හැකියාවයි.

දැනට WhatsApp තුළ Compress වීමකින් තොරව ඡායාරූප යැවීමට අවශ්‍ය නම් ඒවා Documents ලෙස යැවීම හෝ Cloud Storage එකකට ඡායාරූප උඩුගත කර, පසුව එම Link එක හුවමාරු කර ගැනීම වැනි විකල්ප ක්‍රම භාවිතා කිරීමට WhatsApp පරිශීලකයින් පෙළඹි සිටිනවා. කෙසේ නමුත් නවතම WhatsApp යාවත්කාලීනය මඟින් Compress කිරීමකින් තොරව ඡායාරූප යැවීම ගැන බලාපොරොත්තුවක් ලබා දී තිබෙනවා.

නවතම WhatsApp Beta යාවත්කාලීනය මඟින් අධික Compress වීමක් සිදු නොවී ඡායාරූප යැවීමට පරිශීලකයින්ට ඉඩ සලසාදීමට අඩිතාලම යොදා තිබෙනවා. ඒ අනුව ඡායාරූපයක් යැවීමේදී එය කුමන ගුණාත්මකතාවයකින් තිබිය යුතුද යන්න පරිශීලකයින්ට තොරා ගැනීමට විකල්ප තුනක් එක් කිරීමට WhatsApp කටයුතු කර තිබෙනවා. එම විකල්ප තුන වන්නේ,

  1. Auto (Recommended): ඔබගේ Network Speed එක අනුව ඡායාරූප Compress කළ යුතුද, නැද්ද යන්න WhatsApp යෙදුම විසින් තීරණය කිරීම සඳහා මෙම විකල්පය භාවිතා කල හැකියි.
  2. Best quality: ඡායාරූප හොදම ගුණාත්මකභාවයෙන් හුවමාරු කිරීමට මෙම විකල්පය භාවිතා කල හැකියි. කෙසේ නමුත් WhatsApp යෙදුම විසින් යම් ආකාරයක Compress කිරීමක් ඡායාරූපයට සිදු කරන්නේද, නැතහොත් Original Quality එකෙන්ම ඡායාරූපය හුවමාරු කරන්නේද යන්න තවමත් පැහැදිලි නැත.
  3. Data Saver: දත්ත සහ Storage Space එක ඉතිරි කිරීම සඳහා ඡායාරූප Compress කිරීම සඳහා මෙම විකල්පය භාවිතා කල හැකියි.
WhatsApp Photo Quality Options (Source: XDA)

මෙම ඡායාරූපයේ ගුණාත්මකභාවය තෝරා ගැනීමේ හැකියාව දැනට Development මට්ටමේ පවතින අතර නවතම යාවත්කාලීනය ඇති පරිශීලකයින්ට පවා ප්‍රවේශ විය නොහැක. මෙම විශේෂාංගය පළමුවෙන් Beta අනුවාදයට පැමිණීමෙන් අනතුරුව Stable Release සදහා ලබා දෙනු ඇත.

Source: XDA, WaBetainfo

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara