WhatsApp ගිණුමේ ආරක්ෂාවට තවත් verification code එක​ක්

WhatsApp ගිණුමේ ආරක්ෂාවට තවත් verification code එක​ක්

Whatsapp හි දැනටමත් පරිශීලකයාගේ privacy ආරක්ෂා කිරීම සදහා විශේෂාංග ගණනාවක් ක්‍රියාත්මක වේ. ඔවුන් විසින් එය දෙගුණ කිරීමට මේ වන විට සූදානම් වෙමින් පවතී. Whatsapp ගිණුමකට ඇතුල්වීමේදී තවත් සත්‍යපාත කේතයක් එකතු කිරීමට Whatsapp සමාගම විසින් කටයුතු කරමින් පවතී.

WABetaInfo විසින් ඉදිරිපත් කර ඇති නව වාර්තාවට අනුව ඔවුන් “Double Verification Code” නම් නව විශේෂාංගය සංවර්ධනය කිරීමක් පිළිබඳව ඉඟි පළකරයි. ඔබ වෙනත් ස්මාර්ට් ජංගම දුරකතනයකින් ඔබගේ WhatsApp ගිණුමට ලොග් වීමට උත්සාහ කරන විට verification code හි තවත් එක් පියවරක් පෙන්වනු ඇත. මෙය දැනට පවතින one-step verification ක්‍රියාවලියට අමතරව තවත් වැඩි දියුණු වූ ක්‍රියාවලියක් ලෙස පැවසේ.

පළමු verification codeය සාර්ථකව ඇතුළත් කළ විට, නැවතත් ඉලක්කම් 6 කේතයක් ඇතුළත් කිරීමට සිදුවනු ඇති බව පැවසේ. එයද ගිණුම අයිති දුරකථන අංකයට එවනු ලැබේ. මෙයින් ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන්නේ කිසියම් WhatsApp ගිණුමක් වෙත ලොග් වන්නේ එහි අයිතුකරුබව සහතික කිරීමට  හා සමහර සයිබර් අපරාධකරුවන් නොවන බව සහතික කර ගැනීමටයි.

Image: WABetaInfo

මේ දිනවල සිදුවන WhatsApp ගිණුම් සොරකමට තිත තැබීමක් ලෙස WhatsApp ආයතනය විසින් මෙවැනි තීරණයක් ගෙන ඇත. මෙමගින් කිසියම් හැකර් කෙනෙකුට WhatsApp ගිණුමකට ලොග් වීමට නොහැකිවන බව තව දුරටත් ඔවුන් පවසා ඇත. එය එසේනම් මෙය ඉතා හොද අදහසක් වනු ඇත.

කෙසේ වෙතත් මෙය පරිශීලකයන්ට ලබා දෙන දිනයක් පිළිබදව තවම සදහන් කර නොමැත. එය තවම සංවර්ධන මට්ටමේ පැවතෙන බව පැවසේ. එය beta පරිශීලකයින් වෙත ළඟා වීමට යම් කාලයක් ගත විය හැකි අතර සාමාන්‍ය පරිශීලකයින් සඳහා ලබා ගත හැකි වීමට ඊටත් වඩා කාලයක් ගතවනු ඇත. ඒ සදහා දිනයක් තවම නියම කර නැත. Android සහ iOS යන දෙකටම මෙම privacy විශේෂාංගය පැමිණෙන ඇතැයි අප විශ්වාස කරමු.

Source: Beebom

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara