WhatsApp පරිශීලකයන් සඳහා Voice Status පහසුකම හදුන්වා ​දේ

WhatsApp පරිශීලකයන් සඳහා Voice Status පහසුකම හදුන්වා ​දේ

ලොව ප්‍රධානතම Messaging App එකක් වන WhatsApp යෙදවුම මේ වන විට විශාල ප්‍රමාණයක් භාවිතා කරන යෙදවුමක් බවට පත්වී හමාරයි. මෙම යෙදවුම භාවිතා කරනු ලබන පරිශීලකයන්ගේ ජනප්‍රියතම කොටසක් වනුයේ WhatsApp Status පහසුකමයි. ලොව පුරා වෙසෙන පරිශීලකයන් විශාල ප්‍රමාණයක් තම අදහස් සහ වෙනත් විශේෂිත තොරතුරු අනෙක් පාර්ශවයන් සමග හුවමාරු කරගැනීම සඳහා මෙම WhatsApp Status භාවිතා කරනු ලබනවා.

කෙසේ වෙතත් මෙම ලිපිය මගින් ගෙන එනු ලබන්නේ එලෙස WhatsApp Status භාවිතා කරනු ලබන පරිශීලකයන් සඳහා සුභ පණිවුඩයකි. මූලාශ්‍ර වලට අනුව WhatsApp විසින් පරිශීලකයන් සඳහා Voice Status පහසුකම හඳුන්වා දීමට කටයුතු සිදුකරමින් පවතී.

ඉහත රූප රාමුවේ දැක්වෙන පරිදි පරිශීලකයන් සඳහා Status සඳහා Voice Status තැබිමේ නව අවස්ථාවක් උදාවනු ඇත. මෙලෙස හඳුන්වා දෙනු ලබන Voice Status පහසුකම යටතේ තත්ත්පර 30ක Voice Note එකක් Status සඳහා අන්තර්ගත කිරීමට හැකියාව පවතී. Status හි Text Status ඔස්සේ මෙම Voice Status තැබීම සිදුකළ හැකි වන අතර Text Status තැබීම සඳහා එයින් කිසිඳු බාධාවක් ඇති නොවේ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කරනු ලබන්නේ මෙම Voice Status හි Privacy Settings වුව ද අනෙකුත් Status මෙන්ම පරිශීලකයන් හට යාවත්කාලීන කළ හැකිවේ. එමෙන්ම මෙම සියලුම පණිවුඩ "end-to-end encrypted" බවත් සඳහන් කර ඇත.

මෙම පහසුකම 2.22.21.5 Update එක යටතේ ඉදිරියේදී නිකුත් වීමට නියමිත අතර මෙම යාවත්කාලීනයේ වැඩකටයුතු මේ වන විට සිදුවෙමින් පවතී. එමනිසා ඉදිරියේදී WhatsApp පරිශීලකයන් සඳහා මෙම පහසුකම ලබාගැනීමට හැකියාව ඇත.

Sources: wabetainfo.com www.gizmochina.com www.gadgets360.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna