WhatsApp status වල link share කිරීමේදී previews ලබා දීමට සූදානම් ​වේ

WhatsApp status වල link share කිරීමේදී previews ලබා දීමට සූදානම් ​වේ

WhatsApp සඳහා Meta සමාගම විසින් අනෙකුත් messaging platforms සඳහා අභියෝගයක් ලබා දීමට බොහෝ පෙර නොතිබූ features රැසක් මෑතකාලයේදී එකතු කරමින් සිටිනවා.

WhatsApp Status වල Link Share කිරීමේදී එහි link previews පෙන්වන ආකාරයේ විශේෂාංගයක් WhatsApp සඳහා එකතු කිරීමට කටයුතු කරමින් බව WABetaInfo වෙබ් අඩවිය වාර්තා කරනවා.

Image: Wabetainfo.com

මෙම Screenshot එක තුළින් දැනට ඇති text status update එකෙහි UI එක සහ නුදුරේදී නිකුත් වීමට නියමිත නව text status update එකෙහි UI එක එක අතර වෙනස ඔබට දැක ගත හැක. Text Status Update වල link share කිරීමේදී ඒ සදහා වැඩි විස්තර එකතු කරමින් හොද preview එකක් මෙහිදී බලාගත හැකි වනවා.

WhatsApp හී text status updates සදහා link share කිරීමේදී preview එකක් පෙන්වීම දැනටමත් පවතින අතර නමුත් එය හොද preview එකක් අතර එය බලා ගැනීමටත් link එකමත touch කළ යුතු වනවා. මේ නිසා නුදුරේදී වඩා හොඳ link preview එකක් නිකුත් කිරීමට සූදානම් වනවා.  මෙම feature එක තවමත් සංවර්ධනය වෙමින් පවතින අතර එය ඉදිරි update එකක් මඟින් Android හා iOS WhatsApp beta testers ලා වෙත ලබා දෙනු ඇතයි බලාපොරොත්තු විය හැකි වනවා.

Source - WABetaInfo

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara