WhatsApp status සඳහා වන replies හදුනාගැනීමට නව සලකුණක් නුදුරේදී​​ම

WhatsApp status සඳහා වන replies හදුනාගැනීමට නව සලකුණක් නුදුරේදී​​ම

ප්‍රමුඛ පෙළේ Encrypted Messaging Platform එකක් වන WhatsApp, අනෙකුත් Messaging Platforms වෙත අභියෝග එල්ල කරමින් වර්තමානය වන විට WhatsApp වෙත බොහෝ අලුත් පහසුකම් හඳුන්වා දෙමින් සිටිනවා. WhatsApp හි Status සඳහා ද බොහෝ නව විශේෂාංග ඇතුළත් කර අතර අවසන් වරට WhatsApp status වල link share කිරීමේදී එහි previews ලබා දීමට ඔවුන් කටයුතු කළා.

දැන් WhatsApp Status සඳහා තවත් එක් විශේෂාංගයක් සංවර්ධනය වෙමින් පවතින බව WABetaInfo වෙබ් අඩවිය වර්තා කරනවා. ඒ WhatsApp Status එකක් සඳහා Reply කළවිට Chat Screen එකෙහි එය Status Reply එකක් බවට සලකුණක් මඟින් Indicate කිරීමයි.

Source - wabetainfo.com

මෙම Screenshot එක පරිදි Status Update එකක් සදහා Reply එකක් පැමිණි විට ඒ සදහා වෙනස් ආකාරයේ Icon එකක් පෙන්වනවා. මෙය කුඩා Feature එකක් වුවද, Status update එකක් සදහා ක්ෂණික ප්‍රතිචාරයක් ලැබීම වෙනුවෙන් මෙය ප්‍රයෝජනවත් වනවා. ඉදිරියේදි මේ තුළින් Chat එක විවිවෘත කිරිමට පෙරම මෙය සාමාන්‍ය Message එකක්ද එසේත් නැතිනම් Status Reply එකක්ද කියා හඳුනාගැනීමට හැකි වනවා. කෙසේ වෙතත් මෙම screenshot එක WhatsApp Desktop Version එකෙන් ගෙන ඇති අතර නුදුරේදීම මේ පහසුකම WhatsApp Android හා iOS සඳහා ද නිකුත් කිරීම Meta සමාගම විසින් කටයුතු කරමින් සිටිනවා.

සංවර්ධන කටයුතු අතරතුරදී සිදුවිය හැකි වෙනස්වීම් මත මෙම විශේෂාංගය ප්‍රයෝජනවත් ද නැත් ද යන බව සලකමින් එය Public Version සඳහා නිකුත් කරනු ලබනවා.

Source: WABetaInfo

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara