WhatsApp හරහා 2GB දක්​වා වන media files හුවමාරු කර ගැනී​මේ පහසුකමක් අත්හදා බැලීමට කටයුතු කර​යි

WhatsApp හරහා 2GB දක්​වා වන media files හුවමාරු කර ගැනී​මේ පහසුකමක් අත්හදා බැලීමට කටයුතු කර​යි

ඔබ දන්නා පරිදි මේ වෙන විට WhatsApp ඔස්සේ Media Files හුවමාරු කර ගැනිමේදි උපරිම 100MB ප්‍රමාණයකට යටත්වයි පරිශීලකයන්ට Media Files හුවමාරු කර ගැනිමේ හැකියාව ලැබෙන්නේ. මෙලෙස 100MB සීමාවක් පනවා තිබිම නිසා එදිනෙදා WhatsApp භාවිතයේදි අපහසුතාවයට පත්වෙන අවස්ථා බොහෝ වෙනවා.

මෙම ගැටලුවට විසදුමක් ලෙස දැනට Media Files හුවමාරු කර ගැනිමේදි පවතින 100MB සීමාව 2GB දක්වා ඉහල දැමිමට Meta සමාගම විසින් ක්‍රියා කර ඇති අතර එයට අදාල Beta Update එක දැනට ආර්ජන්ටිනාව සදහා ලබා දි තිබෙනවා.

මේ අනුව ආර්ජන්ටිනාව සදහා මෙලෙස iOS හා Android Version දෙක සදහාම Files හුවමාරු කර ගැනිමේදි සිමාව ලෙස 2GB ප්‍රමාණය ලබා දි තිබෙනවා. තවමත් අනෙක් රටවල Beta Version සදහාත් මේ හැකියාව ලබා දෙනවා දැයි දක්වා නොමැති වෙන අතර කෙසේ වෙතත් ඉදිරි සති කිහිපය ඇතුළත අනෙක් රටවලටත් WhatsApp Beta Update එකක් හරහා මෙලෙස 2GB දක්වා වු Media Files හුවමාරු කර ගැනිමේ හැකියාව ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source: Wabeta Info

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna