තමන්ටම පණිවිඩ යවාගත හැකි පහසුකමක් ලබා දීමට WhatsApp සූදානම් වේ

තමන්ටම පණිවිඩ යවාගත හැකි පහසුකමක් ලබා දීමට WhatsApp සූදානම් වේ

ලොව වඩාත් ප්‍රචලිත මෙන්ම පරිශීලකයන් රාශියක් විසින් එදිනෙදා භාවිතා කරනු ලබන Messaging App එකක් ලෙස WhatsApp සඳහන් කළ හැකි වේ. මෙම යෙදවුම පරිශීලනය කරන ඔබට යම්කිසි අවස්ථාවක යම් සටහනක් හෝ Link එකක් Save කිරීම සඳහා ඔබ මෙම යෙදවුම භාවිතා කරනු ලබන්නේ කෙසේ ද?

ඇතැම් විට ඔබ විසින් ඔබගේම වෙනත් WhatsApp ගිණුමක් වෙත එම සටහන තැබීමක් සිදු කිරීම සුලභ කාරණයකි. ඉන් පරිබාහිරව බොහෝ දෙනා සිදු කරනු ලබන්නේ WhatsApp Group එකක් නිර්මාණය කර එයට පණිවුඩ තැබීමයි. නැතිනම් වෙනත් Notes සහ Links සටහන් කර තබාගත හැකි යෙදවුම් වන Google Tasks වැනි Apps භාවිතා කිරීම සිදුකරනු ලබයි.

කෙසේ වෙතත් මෙවැනි ක්‍රම භාවිත කිරීම තරමක් අපහසු මෙන්ම අක්‍රමවත් ක්‍රියාවලීන් වේ. එයට විසඳුමක් ලෙස WhatsApp වෙතින් සිය ඉදිරි යාවත්කාලීන කිරීම් ඔස්සේ තම පරිශීලකයන් වෙත Messaging Yourself යනුවෙන් නව පහසුකමක් ලබා දීමට වැඩකටයුතු සිදුකරමින් පවතී. එමගින් පරිශීලකයාට අවශ්‍ය සියලුම සටහන් සහ වෙනත් Links සියල්ලම සටහන් කිරීම සිදු කිරීමට අවස්ථාව උදාවනු ඇත.

මෙම පහසුකම යටතේ WhatsApp තුළ ඔබගේම ගිණුම "Me (You)" ලෙස සඳහන් වන අතර එම ගිණුම වෙත පරිශීලකයා හට තම සටහන් තැබීමට හැකියාව ඇත.

මෙම පහසුකම WhatsApp හි 22.23.0.70 යාවත්කාලීන කිරීම ඔස්සේ Android පරිශීලකයන් වෙත ලැබෙන අතර iOS පරිශීලකයන් සඳහා 2.22.24.2 යාවත්කාලින කිරීම ඔස්සේ අත්විඳීමට හැකියාව ඇත.

Sources: wabetainfo.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara