WhatsApp Disappearing Messages වල ලබා දී ඇති දින 7ක කාලය පැය 24ක් දක්වා අඩු කිරීමේ හැකියාව පිළිබඳව අත්හදා බලයි

WhatsApp Disappearing Messages වල ලබා දී ඇති දින 7ක කාලය පැය 24ක් දක්වා අඩු කිරීමේ හැකියාව පිළිබඳව අත්හදා බලයි

ඔබට මතක ඇති පසුගිය ⁣වසරේ නොවැම්බර් මාසයේ දි Facebook සමාගම විසින් WhatsApp සදහා Disappearing Messages Feature එක ලබා දිමට කටයුතු කරනු ලැබුවා. මේ Feature එක මගින් අපේ WhatsApp Chats දින 07කින් ස්වයංක්‍රීයවම අතුරැදහන් වි යන අකාරයට සැකසිමට හැකියාව ලැබුණා. ඒ වගේම පසුගිය දිනකදි WhatsApp Betaහි Blog අඩවිය වන WABetainfoහි නිල Twitter ගිණුම ඔස්සේ Photos සදහා ද මේ Feature එක ලබා දිමට බලාපොරොත්තු වෙන බවට සටහනක් පල කර තිබුණා.

ඒ Feature එක ඔවුන් හදුන්වා දෙන්නේ Self-destructing photos Feature එක නමිනුයි.

මේ Disappearing Messages Feature එක තවත් මට්ටමක් ඉදිරියට ගෙන ඒමට බලාපොරොත්තු වෙන බවට WABetainfo නිල Twitter ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබුණා. ඒ අනුව දැනට පවතින දින 07කින් ස්වයංක්‍රීයවම Messages අතුරැදහන් විම පැය 24ක් දක්වා අඩු කිරිමට හැකියාව ලබා දෙන අකාරයටයි. ඒ අනුව මේ Feature එක මගින් Messages පැය 24කින් Self Destruct විම සිදු වෙනවා.

මේ නව Feature එක Self-destructing photos Feature එකට පසුව හෝ ඒ Feature එකත් සමගම WhatsApp Beta Version සදහා ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. කෙසේ වෙතත් තවමත් මේ Features WhatsApp Stable Versions සදහා ලැබෙන දිනයක් පිළිබඳ නිශ්චිත තොරතුරු ලැබි නොමැති වෙනවා.

Source : Gizchina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna