WhatsApp හරහා HD Video යැවිමේ පහසුකම අත්හදා බැලීමට කටයුතු කරයි

දැනට Beta සංස්කරණයන් සඳහා ලබා දී තිබෙන HD Quality එකෙන් යුතුව ඡායාරූප යැවීමේ හැකියාවට සමානව Video යැවීම සඳහාත් නව විශේෂාංගයක් නවතම Beta සංස්කරණය සමඟ හදුන්වා දී තිබෙනවා.

WhatsApp හරහා HD Video යැවිමේ පහසුකම අත්හදා බැලීමට කටයුතු කරයි

ඔබට මතක ඇති පසුගිය ජුනි මාසයේදී පමණ Android Devices සඳහා WhatsApp Beta සංස්කරණයක් ඔස්සේ HD Quality එකෙන් යුතුව ඡායාරූප යැවීමේ පහසුකම පිළිබඳව අත්හදා බැලීමට Meta සමාගම විසින් කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් තවමත් WhatsApp Stable සංස්කරණය සඳහා හිමී වී තිබෙන්නේ පසුගිය වසරේ ජනවාරි මාසයේදී පමණ ලබා දුන් Original Quality එකෙන් යුතුව ඡායාරූප යැවීමේ හැකියාව පමණි.

මෙලෙස දැනට Beta සංස්කරණයන් සඳහා ලබා දී තිබෙන HD Quality එකෙන් යුතුව ඡායාරූප යැවීමේ හැකියාවට සමානව Video යැවීම සඳහාත් නව විශේෂාංගයක් නවතම Beta සංස්කරණය සමඟ (2.23.14.10) Android Beta පරිශීලකයන් සඳහා හඳුන්වා දීමට Meta සමාගම කටයුතු කර තිබෙනවා.

Image source - wabetainfo

මේ ඔස්සේ Video හුවමාරු කර ගැනීමේදී Standard Quality එකෙන් හෝ HD Quality එකෙන් යුතුව Video යැවීමේ හැකියාව ලැබෙනවා. කෙසේ නමුත් මෙහිදීත් Video එක යම් තරමක් දුරට Compression වීම සිදු වනු ලබනවා. මෙලෙස HD Quality එකෙන් යුතුව Video යැවිමෙන් පසුව එය කුඩා tag එකක් ඔස්සේ High Quality Video ලෙස සටහන් වනු ලබනවා. කෙසේ වෙතත් මේ විශේෂාංගය Status සඳහා Video පළ කිරිමේදී ක්‍රියාත්මක විමක් සිදු නොවනු ලබනවා.

තවමත් මෙය WhatsApp Beta Android පරිශීලකයන් සුලු ප්‍රමාණයක් සඳහා පමණක් ලැබි තිබෙන අතර ඉදිරි සති කිහිපය තුළ සියලුම WhatsApp Beta Android පරිශීලකයන් සඳහාත් ලැබෙනු ඇතැයි ද බලාපොරොත්තු වෙන්න පුලුවන්. කෙසේ වුවත් මේ පහසුකම ඉදිරියේදි WhatsApp Stable සංස්කරණයන් සඳහාත් ඉක්මනින් හිමි වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source: Wabetainfo

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna