WhatsApp හරහා HD පින්තූර යැවීමේ පහසුකම​ක් අත්හදා බැලීමට කටයුතු කරයි

විශාල ප්‍රමාණයේ ඡායාරූප කුඩා ප්‍රමාණයකින් වත් ගුණාත්මකභාවය අඩු නොවී HD පින්තූර යැවීමේ විශේෂාංගයක් WhatsApp beta වෙත ලබාදීමට Meta සමාගම කටයුතු කර තිබෙනවා.

WhatsApp හරහා HD පින්තූර යැවීමේ පහසුකම​ක් අත්හදා බැලීමට කටයුතු කරයි

මීට මාස කිහිපයකට පෙර Meta සමාගම විසින් WhatsApp හරහා Original Quality එකෙන් යුතුව ඡායාරූප යැවිමේ හැකියාව ලබා දුන් බව අප වාර්තා කළා ඔබට මතක ඇති.

WhatsApp හරහා Original Quality එකෙන් යුතුව ඡායාරූප යැවිමේ හැකියාව ලබා දෙයි
WhatsApp Beta Android සදහා නිකුත් කරන 2.23.2.11 සංස්කරණය ඔස්සේ ඡායාරූපය යවන අවස්ථාවලදීම තමන්ට අවශ්‍ය Quality එක තෝරා ගැනිමට මෙන්ම Original Quality එක සමගින් ඡායාරූප යැවිමේ අවස්ථාවත් හිමි වෙනු ඇත.

කෙසේ වෙතත් එහිදී ද ඉතා ඉහළ Resolution වලින් යුතු ඡායාරූපවල ගුණාත්මක බව තරමක් දුරට අඩුවීමක් සිදුවනු ලැබුණා. මෙයට පීළියමක් වශයෙන් කුඩා ප්‍රමාණයකින් වත් ගුණාත්මකභාවය අඩු නොවී HD පින්තූර යැවීමේ හැකියාව ලබාදීමට Meta සමාගම කටයුතු කර තිබෙනවා.

Source: WABetaInfo

ඉහත Screenshot එකේ ඇති ආකාරයට ඔබ විසින් ඡායාරූපයක් යැවීමේදී එය HD Quality එකෙන් යැවිය යුතු බවට ඔබට Select කිරීමට සිදු වනවා. ඊට අමතරව එය Send කිරීමෙන් අනතුරුව එය යවන්නාට මෙන්ම ලබන්නාට ද එය HD ඡායාරූපයක් බවට සලකුණක් මඟින් නිරූපණය කරනු ලබනවා. කෙසේ වෙතත් මේ විශේෂාංගය ක්‍රියාකරනු ලබන්නේ ඡායාරූප සඳහා පමණක් වන අතර ඔබ Video යැවීමේදී ඒවා සුපුරුදු ලෙසින්ම Compress වීම සිදු වනු ලබනවා.


තවමත් මෙය සංවර්ධන මට්ටමේ පවතින නිසා Android/iOSහි තෝරාගත් Beta පරිශීලකයන්ට පමණක් නිකුත් කර ඇති අතර මෙය ඉදිරියේදි Stable සංස්කරණයක් මගින් සෑම WhatsApp පරිශීලකයෙකුටම ලබා ගත හැකි අයුරින් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැක. ඒ පිළිබඳව දැනුවත් වීම සඳහා Android වැඩකාරයෝ අප සමග රැඳී සිටින්න.

Source: wabetainfo.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara