WhatsApp තුල Message Reactions පහසුකම අත්හදා බැලීමට කටයුතු කරයි

WhatsApp තුල Message Reactions පහසුකම අත්හදා බැලීමට කටයුතු කරයි

ඔබ දන්නවා Facebook සමාගම විසින් WhatsApp වෙත 2021 වර්ෂයේ නිකුත් කරපු නව Privacy Policy Update එක පරිශීලකයින් විශාල පිරිසක් විවේචනය කරා වගේම මේ Privacy Policy Update එක හේතුවෙන් WhatsApp පරිශීලකයින් විශාල පිරිසක් WhatsApp අත්හැර වෙනත් Messaging Platform වෙතට මාරු වුන බව.

ඉතින් මේ හේතු නිසා අහිමි වු පරිශීලකයින් නැවත ගෙන්වා ගැනිම සදහා Facebook සමාගම Whatsapp වෙත මේ වන විට ඉතාමත් වේගයෙන් කෙටි කාලයක් තුලදී නව පහසුකම් කිහිපයක්ම එකතු කර තිබෙනවා වගේම ඉදිරියේදිත් නව පහසුකම් රැසක් එක් කිරිමට සුදානමින්  සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

ඉතින් දැන් මේ කියන්න යන්නේ Whatsappවලට අලුතින්ම එකතු වීමට නියමිත Message Reactions පහසුකම ගැනයි. විශේෂයෙන්ම සදහන් කරන්න අවශ්‍යයි මේ පිළිබඳ තොරතුරු පළ වන්නේ Wabetainfo වෙබ් අඩවියෙන් නිකුත් කරපු එකම එක Screen Shot එකකින් පමණක් බව.

ඔබ Instagram, Twitter, Signal, Slack, සහ Facebook Messenger වැනි ඒවායින් එකක් භාවිතා කර තිබේ නම් ඔබට මේ වන විටත් Message Reactions කියන්නේ මොකක්ද කියන එක ගැන යම් අදහසක් ඇති බව නිසකයි. ඉතින් මේ Message Reactions පහසුකමෙන්  ඔයාට එන Message එකකට ඔයාගෙ අදහස තනි Emoji එකකින් හෝ Emoji කිහිපයකින් ලේසියෙන්ම ප්‍රකාශ කරන්න පුලුවන්කම ලැබෙනවා.

මෙය whatsapp හි ඡායාරූපයක් නොවේ

ඉතින් මේ Message Reactions  පහසුකම ගැන තවමත් විස්තරාත්මක තොරතුරක් ලැබී නොමැති අතර පළමුව මෙය Whatsapp Beta පරිශීලකයින් හට නුදුරේදීම නිකුත් වේවි කියා බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source- XDA-Developers, Wabetainfo

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna