යවනු ලැබූ පණිවුඩයක් Undo කිරීමේ පහසුකම ල​බා දීමට WhatsApp කටයුතු කරයි

යවනු ලැබූ පණිවුඩයක් Undo කිරීමේ පහසුකම ල​බා දීමට WhatsApp කටයුතු කරයි

ප්‍රධාන සමාජ මාධ්‍ය යෙදවුමක් වන WhatsApp සඳහා පසුගිය කාලයේ දී පරිශීලකයන් වෙත "Delete For Me" සහ "Delete For Everyone" ලෙස විශේෂාංග දෙකක් හඳුන්වා දීම සිදුවිය.

ඇතැම් අවස්ථාවලදී ඔබට මෙම Features භාවිතා කිරීමේදී යම් ගැටලුකාරී අවස්ථාවන් සඳහා මුහුණ දීමට සිදුවේ. ඔබ අතින් වැරදීමකින් පණිවුඩයක් Delete වීමට හෝ අනෙක් පාර්ශවයට ද Delete වීමට අවශ්‍ය වන පණිවුඩ ඔබ සඳහා පමණක් Delete වුවහොත් ඔබ කුමක් සිදුකරන්නේ ද ? යම් ආකාරයකින් ඔබගේ පෞද්ගලිකත්වයට හානියක් සිදුවිය හැකි අන්තර්ගතයක් ඇත්නම් එය ඔබට එසේ බලපාවිද ?

එවිට ඔබට සිතෙන්නට හැකිවන්නේ නැවතත් එම පණිවුඩය ලබාගෙන Delete For Everyone භාවිතා කර අනෙක් පාර්ශවයට ද Delete කිරීම සිදුකළ හැකි වන්නේ නම් එය වඩා යෝග්‍ය බවයි. ඔබ එසේ සිතන්නේ නම් එයට අවස්ථාව ඔබට WhatsApp වෙතින් ලබා දී ඇත. මෙම ලිපිය ඔබ වෙත ගෙන එන්නේ එම තොරතුරු පිළිබඳවයි.

Source: twitter.com

පණිවුඩ ඉවත් කිරීමේ පහසුකමේ ඉදිරි පරිච්ඡේදයක් ලෙස පරිශීලකයන් විසින් Delete For Me භාවිතා කර Delete කරන ලද පණිවුඩ නැවත සුළු වේලාවක් ඇතුළත ලබාගැනීම සඳහා පහසුකම WhatsApp වෙතින් ලබාදී ඇත.

Source: WABetainfo.com

ඉහත ඡායාරූපයේ පෙන්වන ආකාරයට ඔබ යම් පණිවුඩයක් Delete For Me භාවිතා කර ඔබ සඳහා පමණක් ඉවත් කළේ නම් එය ඊට සුළු මොහොතකට පසුව ඉහත දැක්වෙන පරිදි Undo කිරීමට හැකියාව ඇත. නමුත් Delete For Everyone සඳහා මෙය උපකාරී නොවේ. එලෙස Undo කිරීම මගින් ලබාගන්නා පණිවුඩ නැවත Delete For Everyone හෝ Delete For Me යන Features භාවිතා කර ඉවත් කිරීමට හැකියාව පවතී.

මෙම යාවත්කාලීන කිරීම Android, iOS සහ WhatsApp Desktop සඳහා නිකුත් කිරීම සිදුකර ඇති අතර නවතම Update එක සිදුකිරීමෙන් ඔබටද මෙම පහසුකම ලබාගත හැකිවේ.

තාක්ෂණික ලෝකයේ යාවත්කාලීන වීම සමග ඔබගේ දැනුම අලුත් කර ගැනීමට අප සමග රැඳී සිටින්න.

Sources: wabetainfo.com techcrunch.comy

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara