WhatsApp, Instagram සහ Facebook Messenger සේවාවන් මුළු ලොව පුරා ඇණ හිටී: මිනිත්තු 30කින් යථා තත්වයට

ඇමරිකා එක්සත් ජනපදය, මැදපෙරදිග කලාපය, යුරෝපා කලාපය හා ආසියාව ආදි ලොව පුරා සැම රටකින්ම වගේ මෙලෙස WhatsApp, Facebook Messenger හා Instagramහි බිද වැටිම් වාර්තා වි තිබුණා.

WhatsApp, Instagram සහ Facebook Messenger සේවාවන් මුළු ලොව පුරා ඇණ හිටී: මිනිත්තු 30කින් යථා තත්වයට

ඊයේ රාත්‍රියේදි ලොවපුරාම WhatsApp, Facebook Messenger හා Instagramහි සේවා ඇණහිටීමක් වාර්තා විම සිදු වුවා. කෙසේ වෙතත් ඉන් මිනිත්තු 30කට පමණ පසු එම සේවාවන් සියල්ල නැවත යථාතත්වයට පත් වි තිබුණා.

ඒ අනුව WhatsApp හා Facebook Messenger සේවාවන්වල පණිවිඩ යැවිමේ හැකියාව අඩාල වි තිබු අතර Instagram සදහා Signing විමේ ගැටලුවක් ද ඇති වි තිබු බවට ලොව පුරාම තොරතුරු වාර්තා වුවා. Facebook කිසිදු ගැටලුවක් නොමැතිව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වු අතර Facebook සමාගමේ අනිත් සේවාවන් සදහා මේ සේවා ඇණහිටීම දැනට බලපා තිබු බවට වාර්තා වෙනවා.

ලොව පුරාවටම බලපාන ලෙස ⁣සිදු වු මේ සේවා බිද වැටිම නිසා WhatsApp හි අප යවන Messages Send නොවන බවට යම් Connection Problem එකක් ඇති බවට පෙන්වන්නාක් මෙන් Clock Icon එක දිස් විම සිදු වෙන අතර අලුතින් Status දැමිමේ හැකියාවද අහිමි වි තිබෙනවා. Facebook Messenger හිදි සමහර විටෙක "Waiting For Network" error එක පෙන්⁣වන බවටත් වාර්තා වි තිබුණා.

කෙසේ වෙතත් Facebook's platform status Dashboard එක මගින් මෙතෙක් කිසිදු දෝෂයක් වාර්තා ඇතැයි වාර්තා කිරිම සිදු වි නැ. වාර්තා වෙන තොරතුරුවලට අනුව ඇමරිකා එක්සත් ජනපදය, මැදපෙරදිග කලාපය, යුරෝපා කලාපය හා ආසියාව ආදි ලොව පුරා සැම රටකින්ම වගේ මෙලෙස WhatsApp, Facebook Messenger හා Instagramහි බිද වැටිම් වාර්තා වි තිබුණා.

මේ පිළිබඳ Facebook සමාගමේ ප්‍රකාශකයෙකු විසින් දක්වා තිබුණේ මෙලෙස WhatsApp, Facebook Messenger හා Instagramහි සේවා බිද වැටිමට හේතුව Technical Issue එකත් බවත් ඒ පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරන බවයි.

"Earlier today, a technical issue caused people to have trouble accessing some Facebook services. We resolved this issue for everyone, and we apologize for any inconvenience"

සේවා බිදවැටිම ආරම්භ වි මිනිතුත්තු 30ක පමණ කාලයක් තුල Facebook සමාගම ඔවුන්ගේ සේවා නැවත යථා තත්වය පත් කිරිමට සමත් වු අතර මේ වෙන විට WhatsApp, Facebook Messenger හා Instagramහි සේවා බිද වැටිම් සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් වි තිබෙනවා.

Source : Android Police, The Verge,  Techradar

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna