රැවටීමෙන් WhatsApp ගිණුම් ලබාගන්නා scammersලාගේ වැඩිවීමක්. ඔබගේ ගිණුම ආරක්ෂා කරගමු

රැවටීමෙන් WhatsApp ගිණුම් ලබාගන්නා scammersලාගේ වැඩිවීමක්. ඔබගේ ගිණුම ආරක්ෂා කරගමු

අද වන විට තාක්ෂණය ඉමහත් වේගයකින් දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පවතිනවා. ඒක ඇත්තටම සතුටුදායක තත්වයක්. නමුත් අපි නොදැනුවත්වම මේ දියුණුවත් එක්කම් අපේ මාර්ගගත පෞද්ගලිකත්වය  (Online Privacy) අපටත් නොදැනිම අපෙන් ගිලිහෙන අවස්ථා තියෙනවා. එහෙම අවස්ථාවක් ගැනයි අද කතා කරන්නේ.

Online වංචාකරුවන් (Scammers) නැවතත් WhatsApp වෙත

Online වංචාකරුවන් විසින් ඔබට හිතාදර මිතුරෙකු ලෙසින් පෙනී සිටිමින් ඔබගේ WhatsApp Security Codes ඔබ හරහාම ඔබව රැවටිමෙන් ඔවුන් සතු කරගනී. මෙම WhatsApp හරහා සිදුවන දත්ත හා තොරතුරු මංකොල්ලය වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන්නා සේම අදටත් මිනිසුන් WhatsApp පරිශීලකයන් වංචාකරුවන්ගේ කූට උපක්‍රමවලට හා ව්‍යාජ මිතුරුකමට  ඉතා පහසුවෙන් හසුවේ. මේ පිළිබඳව අදහස් දක්වන WhatsApp ආයතනය පවසන්නේ කිසිවිටෙකත් තම රහස්‍ය දත්ත කිසිදු පාර්ශවයක් වෙත ලබා නොදිය යුතු බවයි.

ඔබ අවධානය යොමු කළ යුතු අවස්ථා

ඔබ වෙතට එක්වරම WhatsApp හා සම්බන්ධ ඉලක්කම් 6කින් යුක්ත කේතයක් සහිත කෙටි පණිවුඩයක් (six-digit WhatsApp code) ලැබේ නම් ඔබත් Scammer කෙනෙකුගේ  ගොදුරක් විය හැකිය. සාමාන්‍යයෙන් නව WhatsApp ගිණුමක් සෑදීමේදී හා නව දුරකතනයක් වෙත WhatsApp ස්ථාපනය කිරීමේදී මෙම කේතය අවශ්‍ය වේ. කෙසේ වෙතත් ඔබ එවන් ක්‍රියාවක් සිදු නොකරයිනම් එය ඔබගේ ගිණුමට ලොග් වීමට වංචාකාරයෙකු දරන උත්සාහයක් විය හැකිය. එසේම දුරකතන ඇමතුමක් මාර්ගයෙන්ද මෙම පණිවිඩය ඔබ වෙත ලැබිය හැකිය.

ඔබගේ WhatsApp Accounts වලින්

සොරකම් කළ WhatsApp ගිණුම්වලින් ඔබ ලෙස පෙනී සිටිමින් (Pretend as Yourself) ඔබගේ මිතුරන් හා පණිවුඩ හුවමාරු කරගැනීමේ අවකාශය ලබා ගනී. එසේම සංවේදී තොරතුරු සහිත WhatsApp Groups  වලටද ප්‍රවේශ වීමේ හැකියාව ඔවුන්ට හිමිවේ

කොහොමද අපි ආරක්ෂා වෙන්නේ ?

  1. හඳුනන හෝ නාදුනන කිසිදු පාර්ශවයක් වෙත කිසිවිටෙකත් තමන්ගේ මුරපද, කේත කිසිවක් ලබා නොදිය යුතුයි.
  2. පියවර දේකේ සත්‍යාපනය (Two-factor verification) සක්‍රීය කරගත යුතුයි.
  3. ඔබ වෙත ලැබෙන අමුතු ආකාරයේ පණිවිඩ ගැන් සැළකිලිමත් වන්න ,(මුදල් ඉල්ලා ලැබෙන පණිවිඩ)

Sources : BBC

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara