WhatsApp Groups සදහා Add වන නව සාමාජිකයන්ටද පැරණි පණිවිඩ නැරඹිමේ හැතියාව ලබා දේ

WhatsApp Group එකකට අලුතින් සාමාජිකයෙක් එක් කළ පසු ඔහුට ඊට පැය 24ක් දක්වා යැවූ Messages පෙනෙන පරිදි නව පහසුකමක් Meta ආයතනය විසින් සංවර්ධනය කරමින් සිටිනවා.

WhatsApp Groups සදහා Add වන නව සාමාජිකයන්ටද පැරණි පණිවිඩ නැරඹිමේ හැතියාව ලබා දේ

Meta සමාගම විසින් මාස කිහිපයක සිට WhatsApp වෙත අලුත් පහසුකම් දිගින් දිගටම ලබා දෙන අතර ඒ සියලුම දේවල් නිකුත් වීමට පෙරම Android වැඩකාරයෝ අපි ඔබට වාර්තා කළා. එසේ වාර්තා කළ සියලුම පුවත් ඔබට මේ ඔස්සේ නැවත කියවිය හැකියි.


දැනට WhatsApp Group එකක් සඳහා නව සාමාජිකයෙකු Add කළ විට ඔහුට දැකිය හැකි වන්නේ ඔහු Add කළ මොහොතින් පසු යවන Messages පමණි. කෙසේ නමුත් තරමක් අත්‍යාවශ්‍ය පණිවිඩයක් නම් ඒවා නැවත Group එක හෝ ඔහුට Personally Forward කළ යුතු වනවා. මෙය තරමක් කරදරකාරී කාර්‍යයකි.

මේ සඳහා විසඳුමක් වශයෙන් WhatsApp Group එකකට අලුතින් සාමාජිකයෙක් එක් කළ පසු ඔහුට ඊට පැය 24ක් දක්වා යැවූ Messages පෙනෙන පරිදි නව පහසුකමක් Meta ආයතනය විසින් සංවර්ධනය කරමින් සිටිනවා.

Source: wabetainfo.com

ඉහත Screenshot එකෙහි දැකිය හැකි පරිදි මෙය සෑම Group එකක් සඳහාම Default On නොවන අතර එය Adminවරුන්ට Group Settings වෙත ගොස් අවශ්‍යනම් සක්‍රීය කර ගත හැකි වනවා. මෙම විශේෂාංගය තවමත් සංවර්ධන මට්ටමේ පවතින අතර ඉදිරි දින තුළදී Android සහ iOS Beta පරිශීලකයන් සඳහා අත්විඳිය හැකියි.


ඉදිරියේදීත් මෙවැනිම වූ තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Source: wabetainfo.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna