දුරකථන අංකය Save නොකර WhatsAppහි ඇමතුම් ලබා ගැනිමේ සහ පණිවිඩ යැවිමේ හැකියාව ලබා දෙයි

WhatsApp ඔස්සේ ඔබට යම් අයෙකුට පණිවිඩයක් යැවීමට හෝ ඇමතුමක් ගැනීමට නම් එම දුරකථන අංකය Save කර තිබීම අත්‍යවශ්‍ය වනවා. මෙම ගැටලුවට පිළියමක් ලෙස දුරකථක අංකය යොදා ගෙන Search කිරීම ඔස්සේ Save කර නොමැති දුරකථන අංකවලට WhatsApp පණිවිඩ යැවීමේ හෝ ඇමතුම් ගැනීමේ හැකියාව මේ වන විට ලබා දී තිබෙනවා.

දුරකථන අංකය Save නොකර WhatsAppහි ඇමතුම් ලබා ගැනිමේ සහ පණිවිඩ යැවිමේ හැකියාව ලබා දෙයි

WhatsApp ඔස්සේ ඔබට යම් අයෙකුට පණිවිඩයක් යැවීමට හෝ ඇමතුමක් ගැනීමට නම් එම දුරකථන අංකය ඔබගේ ජංගම දුරකථනයේ Save කර තිබීම අත්‍යවශ්‍ය වන බව ඔබ දැනටමත් දන්නවා. මෙය තරමක් කරදරකාරි තත්වයක් බවත් ඔබ බොහෝ විට අත්විද ඇති බව නිසකයි.

මෙම ගැටලුවට පිළියමක් ලෙස දුරකථක අංකය යොදා ගෙන Search කිරීම ඔස්සේ ඔබගේ Contact List එක තුළ Save කර නොමැති දුරකථන අංකවලට WhatsApp පණිවිඩ යැවීමේ හෝ ඇමතුම් ගැනීමේ හැකියාව මේ වන විට ලබා දී තිබෙනවා.

ඒ අනුව මේ වන විටත් සියලු Android සහ iOS පරිශීලකයින් වෙත නවතම සංස්කරණය හරහා ලබා දී ඇති මේ විශේෂාංගය ඔස්සේ දැන් දුරකථන අංකය Save කිරීමකින් තොරව WhatsApp පණිවිඩ යැවීමේ හෝ ඇමතුම් ගැනීමේ පහසුකම ඔබට හිමි වනවා.

Image Source - wabetainfo

මේ සඳහා ඉහත Screenshot එකේ දැක්වෙන පරිදි Start New Chats වෙත ගොස් ඔබට අවශ්‍ය දුරකථන අංකය Type කිරීම ඔස්සේ එම WhatsApp ගිණුම සඳහා පණිවිඩ යැවීමට සහ ඇමතුම් ගැනීමට හැකියාව ලැබෙනවා.

Source: wabetainfo.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna