WhatsApp Desktop client එක සඳහා screen lock විශේෂාංගය නුදුරේදීම ලබා දෙන බවට වාර්තා ​වේ

WhatsApp Desktop client එක සඳහා screen lock විශේෂාංගය නුදුරේදීම ලබා දෙන බවට වාර්තා ​වේ

WhatsApp වෙත නව පහසුකම් රැසක් මේ දින වල Meta සමාගම විසින් හඳුන්වා දෙනු ලබන අතර එහි එක් පියවරක් වශයෙන් Lag වීම් ආදී දෝෂ රැසකින් පිරී තිබූ WhatsApp Desktop App එක වෙනුවට Redesign කරන ලද WhatsApp Desktop App එකක් මෑතකදී හඳුන්වා දෙනු ලැබුවා. එහි පළමු beta සංස්කරණය පිළිබඳව Android වැඩකාරයෝ අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා ඔබට මතක ඇති.

WhatsApp Desktop App එක භාවිතා කරන්නන්ගේ තම Chats වල ආරක්ෂාව සඳහා නුදුරේදීම Screen Lock පහසුකමක් හඳුන්වා දීමට සූදානම් බව WABetaInfo වෙබ් අඩවිය වාර්තා කරන ලදී.

මේ තුළින් ඔබ WhatsApp Desktop App එක Open කරන සෑම අවස්ථාවකදීම ඔබට Password එකක් ඇතුළත් කළ යුතු වනවා. පහත Screenshot එකෙහි එහි UI එක දැක්වෙන අතර මේ Feature එක තවමත් සංවර්ධන මට්ටමේ පවතින නිසා මෙම පහසුකම සියළු පරිශීලකයින්ට එළිදක්වන විට එහි සුළු සුළු වෙනස්කම් සිදු විය හැකියි.

ඔබ විසින් ලබා දෙන Password එක ඔබගේ වෙනත් පරිඝණක සමඟ Sync වීමක් සිදු නොවන අතර MacBook වල මේ පහසුකම සඳහා TouchID ( Fingerprint Scanning) එකද ඇතුළත් වන බව සඳහන්.

ඔබට එක්වරක් හෝ ඔබගේ Password එක අමතක වුවහොත් ඔබට කළ හැක්කේ ඔබගේ Mobile App එක මඟින් එම පරිඝණකය ඉවත් කර නැවත QR Code එක Scan කර Log වීමයි.

තවමත් පරීක්ෂණ මට්ටමේ ඇති මේ පහසුකම ඉදිරි මාස කිහිපය තුළදී සියලුම පරිශීලකයින්ට නිකුත් වේ යැයි අපේක්ෂා කළ හැකි වනවා.

Source: beebom.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara