පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම හේතුවෙන් WhatsApp වෙත යූරෝ මිලියන 225ක දඩයක් නියම වේ

පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම හේතුවෙන් WhatsApp වෙත යූරෝ මිලියන 225ක දඩයක් නියම වේ

පරිශීලක පෞද්ගලිකත්වය ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම හේතුවෙන් WhatsApp වෙත යූරෝ මිලියන 225ක (රුපියල් බිලියන 53කට අධික) දැවැන්ත දඩයක් ගෙවීමට නියමව තිබේ. මෙම දඩය නියම කර ඇත්තේ අයර්ලන්ත දත්ත ආරක්ෂක කොමිසම මඟිනි. එම ආයතනය මඟින් මෙතෙක් පැනවූ විශාලම දඩ මුදල මෙය බව ජාත්‍යන්තර පුවත් අඩවි වාර්තා කර ඇත.

2018 වසරේ සිට දීර්ඝ කාලයක් පැවති පරීක්ෂණ හරහා අයර්ලන්ත දත්ත ආරක්ෂක කොමිසම මඟින් මෙම WhatsApp ආයතනයේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම අනාවරණය කරගෙන ඇති අතර, පරිශීලක දත්ත එකතු කිරීම, ගබඩා කිරීම සහ බෙදාහැරීම ආදී ක්‍රියාවලියන් හිදී සිදුවන පරිශීලක පෞද්ගලිකත්වය උල්ලංඝනය වීම් ගැන මෙහිදී අවධානය යොමූ වී ඇත.

WhatsApp හි අයිතිය ජනප්‍රිය සමාජ මාධ්‍යක් වන Facebook සමාඟම සතු වන අතර, Facebook සමාඟමට ද පෞද්ගලික දත්ත අවභාවිතාව හේතුවෙන් අවස්ථා රැසකදී දඩ මුදල් ගෙවීමට සිදුවී ඇත. කෙසේ නමුත් WhatsApp විසින් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, එම තීන්දුව හා එකඟ නොවන බව පවසා ඇත. ඔවුන් පවසා ඇත්තේ ඔවුන් පරිශීලක පෞද්ගලික දත්ත පිළිබඳ විනිවිද භාවයෙන් කටයුතු කර ඇති බවයි.

ඒ කෙසේ නමුත්, Facebook සහ WhatsApp හි ඉතිහාසය දෙස බැලීමේදී ඒවාට ඇත්තේ යහපත් පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති නොවන බව පෙනීයයි. මේ වන විට ලොව වැඩිම දෙනා භාවිතා කරන Messaging සේවාව WhatsApp වන අතර පසුගිය කාලයේද සමාජ මාධ්‍ය හරහා විශාල WhatsApp විරෝධයක් ඇතිවූයේ සුප්‍රකට චරිතයක් වන Elon Musk විසින් WhatsApp සඳහා විකල්ප සේවාවක් වන Signal නමැති Messaging සේවාව ස්ථාපනය කරගන්නා ලෙස ට්විටර් හරහා ප්‍රචාරය කිරීමත් සමඟයි.

කුමන විරෝධතා මැද වුවත් මේ වන විටත් සෑම සියළු දෙනාම පාහේ භාවිතා කරන Messaging සේවාව WhatsApp බවට පත්ව ඇති අතර, ඉදිරියේදී වත් Facebook සමාඟම සතු WhatsApp ආයතනය ඔවුන්ගේ පරිශීලක පෞද්ගලිකත්වය සහ ඔවුන්ගේ දත්ත සුරැකීම සඳහා අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

Sources: Yahoo News, PC Mag, CNBC

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna