නව Privacy policy වෙනස් වීම් වලට එකඟ නොවූ පරිශීලකයන්ට මැයි 15න් පසු සිදුවන දෑ පිළිබඳව WhatsApp ආයතනය පැහැදිලි කරයි

නව Privacy policy වෙනස් වීම් වලට එකඟ නොවූ පරිශීලකයන්ට මැයි 15න් පසු සිදුවන දෑ පිළිබඳව WhatsApp ආයතනය පැහැදිලි කරයි

ඔබට මතක ඇති WhatsApp සදහා මේ වසරේ සිට ක්‍රියාත්මක වෙන නව Privacy Policy එක පිළිබඳ වසර ආරම්භයේදිම WhatsApp පරිශීලකයින්ව දැනුවත් කරනු ලැබුවා. මේ නව Privacy Policy එකට අනුව WhatsApp පරිශීකයන්ගෙන් දත්ත ලබා ගන්නා බව Facebook සමාගම විසින් නිවේදනය කර තිබුණ අතරම, WhatsApp App එක ඔස්සේම එම Privacy Policy එක පිළිබඳ විමසිම ලබා දි තිබුණා.

එමෙන්ම මේ Policy එක සදහා එකග විමට 2021 පෙබරවාරි 08 තෙක් කාලය ලබා දි ඇති අතර ඉන් පසු මෙයට එකග නොවන පුද්ගලයින්ට WhatsApp භාවිත කිරිමේ හැකියාව නොලැබි යන බවත් ඔවුන් දන්වා තිබුණා.

කෙසේ වෙතත් මේ නව Privacy Policy එක වෙත WhatsApp Userලාගෙන් එල්ල වු විරෝධයත් සමග එහි  අවසන් දිනය මැයි මස 15 දක්වා දිගු කිරිමට කටයුතු සිදු කරනු ලැබුවා. ඉතින් මැයි 15 පසුව මේ නව Privacy Policy එක සදහා එකල නොවුනහොත් කුමක් වේද ?

මැයි 15ට පසුව මේ Privacy Policy එකට එකග නොවුනහොත් කුමක් වේදැයි WhatsApp FAQ පිටුව මගින් මේ වන විට නිවේදනය කර තිබෙනවා. මේ Policy එක සදහා ඔබ එකග නොවුනහොත් පෙර සදහන් කර ආකාරයට ඔබගේ WhatsApp ගිණුම Delete වෙන්නේ නැති බවයි ඔවුන් දක්වා තිබෙනවා.

ඔබගේ WhatsApp ගිණුම Delete නොවුව ද ඔබ මේ නව Privacy Policy එක සදහා එකග වන තුරැ ඔබට Whatsappහි Features සියල්ලම භාවිත කිරිමට නම් හැකියාවක් ලැබෙන්නේ නැ. එහිදි ඔබට මිලග සති කිහිපය සදහා WhatsApp හරහා ලැබෙන ඇමතුම් සදහා පමණක් ප්‍රතිචාර දැක්විමේ හැකියාව ලැබෙනවා. නමුත් Messages යැවිමේ හෝ කියවිමේ හැකියාව ලැබෙන්නේ නැ.

තවමත් මේ සති කිහිපයට පසු WhatsApp Account එක⁣ට කුමක් සිදු වෙදැයි ඔවුන් ප්‍රකාශ කර නැ. නමුත් නව Policy එකට අනුව දින 120 භාවිත නොකරන ලද WhatsApp Accounts Delete වෙන බව දක්වා තිබෙනවා. එනම් ඔබට මැයි 15 සිට දින 120 කාලයක් තුල මේ Policy එක සදහා එකග විමට අවස්ථාව ලැබෙන අතර එසේ නොමැති නම් ඉන් අනතුරැව WhatsApp Account එක Delete වි යනු ඇත.

Source : Gsm Arena, WhatsApp

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara