WhatsApp සඳහාම විශේෂී වූ dialler එකක් ලබා දෙන ලකු​ණු

WhatsApp සඳහාම විශේෂී වූ dialler එකක් ලබා දෙන ලකු​ණු

පසුගිය වසරේදී WhatsApp වෙත නව විශේෂාංගයක් ලෙසින් contacts වෙත save කිරීම නොකරමි​න් දුරකතන අංක වෙත ඍජු​ව WhatsApp පණිවු​ඩ යැවීමේ පහසුකම එකතු කරනු ලැබුවා. ඊට පෙර කුමන හෝ දුරකතන අංකයකට WhatsApp පණිවුඩයක් යැවීමට නම් අදාල ගිණුම නිර්මාණය කර ඇති දුරකතන අංකය contacts වෙත save කිරීම අනිවාර්යෙන් සිදු කල යුතුව පැවතුනා.

වාර්තා වන නවතම තොරතුරු අනුව මේ වන විට WhatsApp වෙත නව පහසුකමක් ලෙසින් dialler එකක් ලබා දීමට WhatsApp විසින් කටයුතු කරගෙන යනු ලබනවා. ඒ හරහා දුරකතන අංක save කිරීමකින් තොරව, ඍජුවම WhatsApp ඇමතුම් ලබා ගැනීමේ පහසුකම පරිශීලකයන්ට හිමි වනු ලබනවා.

මෙම නව විශේෂාංගය Android සඳහා වන WhatsApp Beta සංස්කරණ අංක 2.24.9.28 හරහා දැනට සිටින WhatsApp Beta පරිශීලකයන්ගෙන් සීමිත පිරිසක් වෙත ලබා දී තිබෙනවා.

මීට අමතරව තවත් නව විශේෂාංගයක් WhatsApp communities වෙත ලබා දී තිබෙනවා. ඒ හරහා පරිශීලකයන්ට communities තුල ඇති groups hide කිරීමේ හැකියාව හිමිවී තිබෙනවා. මෙම නව විශේෂාංගය Android සඳහා වන WhatsApp beta සංස්කරණ අංක 2.24.9.20 තුලින් ලබා දී තිබෙන බවට වාර්තා වනවා. මේ හරහා invite කරන ලද පරිශීලකයන්ට පමණක් මෙම hidden groups වෙත එකතු වීමේ හැකියාව හිමි වනවා.

කෙසේ නමුත් මෙම විශේෂාංග stable WhatsApp සංස්කරණයක් හරහා ලොව පුරා සිටින WhatsApp පරිශීලකයන් වෙත ලබාදෙන දිනයක් ගැන නම් සඳහන් වී නෑ.

Source: wabetainfo.com wabetainfo.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara