මිලියන 500කට අධික පරිශීලකයන්​ගේ දත්ත වෙන්දේසියට දමමින් WhatsApp දත්ත leak ​වේ

මිලියන 500කට අධික පරිශීලකයන්​ගේ දත්ත වෙන්දේසියට දමමින් WhatsApp දත්ත leak ​වේ

නොවැම්බර් 16 වන දින පුද්ගලයෙකු විසින් ප්‍රසිද්ධ Hacking Community Forum එකක පල කල Post එකක් සමගින්  WhatsApp හී පරිශීලක ගිණුම් මිලියන 487 ක දත්ත විකුණන බව වාර්තා වුවා.

මෙම දත්ත රටවල් 84ක WhatsApp පරිශීලක දත්තවලින් යුතු බවට ද වාර්තා වන අතර ඒ තුල එක්සත් ජනපද පරිශීලක වාර්තා මිලියන 32 කට අධික ප්‍රමාණයක් ඇතුළත් කර ඇති බවත් තවද,

  • ඊජිප්තුව දත්ත මිලියන 45ක්
  • ඉතාලිය දත්ත මිලියන 35ක්
  • සෞදි අරාබිය දත්ත මිලියන 29ක්
  • ප්‍රංශය දත්ත මිලියන 20ක්
  • තුර්කිය දත්ත මිලියන 20ක්

ලෙසින් දත්ත මේ සඳහා ඇතුළත් වන බවත් එම Post එකෙහි සඳහන් කර තිබෙනවා.

තවද ඒ තුල රුසියානු දුරකථන අංක මිලියන 10 කට ආසන්න සංඛ්‍යාවක් සහ එක්සත් රාජධානියේ (UK) පුරවැසියන්ගේ දුරකථන අංක මිලියන 11 කට වඩා ඇති බවටද වාර්තා කරනවා.

මෙය පළ කළ පුද්ගලයා සයිබර් නිවුස් වෙත පවසා ඇති ආකාරයට,

  • එක්සත් ජනපදයේ පරිශීලක දත්ත - ඇමෙරිකානු ඩොලර් 7,000 කටද
  • එක්සත් රාජධානියේ පරිශීලක දත්ත - ඇමෙරිකානු ඩොලර් 2,500
  • ජර්මනියේ පරිශීලක දත්ත - ඇමෙරිකානු ඩොලර් 2,000 කට ද විකුණන බව සඳහන් වේ.

මෙම තත්වය පදනම් කරගෙන Meta සමාගම විසින් අනෙකුත් පරිශීලකයන්ට පවසා සිටින්නේ නොදන්නා අංකවලින් ලැබෙන පණිවිඩ සහ ඇමතුම් පිලිබදව ප්‍රවේසම් වන ලෙසයි. තවද දත්ත විකුණුම්කරුවන් Cybernewsහි පර්යේෂකයන් සමග බෙදා ගත දත්ත සමුහයක UK පරිශීලක අංක 1097ක් සහ US පරිශීලක අංක 817ක්ද වූ අතර ඒවා Whatsapp අංක බවටද තහවුරු කරනු ලැබුවා. මෙහෙදී දත්ත විකුණුම්කරු ඔවුන් දත්ත ලබා ගත් ආකාරය කෙසේදැයි කිසිදු ආකාරයකින් සඳහන් කර නැහැ.

WhatsApp users by Country

කෙසේ වෙතත් Meta සමගම විසින් තෙවන පාර්ශවයන්ට පරිශීලක දත්ත ලබාදීම හෝ එකතු කිරීමට ඉඩ දීම සම්බන්ධයෙන් දිගු කලක් තිස්සේ විවේචනයට ලක් වෙමින් සිටී. තවද ඔවුන් තුලින් Dark Forum එකක් සදහා මිලියන 533 කට අධික පරිශීලක වාර්තා කාන්දු වී ඇති බවද වාර්තා වනවා.

අවසාන වශයෙන්, Cybernews පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී Mantas Sasnauskas මහතා පවසා සිටියේ Meta වැනි දැවැන්ත තාක්ෂණික සමාගම් විසින් ඔවුන්ගේ පරිශීලක දත්ත ආරක්ෂා කර ගැනීම සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

Source: cybernews.com www.ndtv.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna