iOS සිට Android වෙතට මාරු වන අයෙකුට WhatsApp chat history එක සංක්‍රමණය කිරීමේ පහසුකම ලබා දේ

iOS සිට Android වෙතට මාරු වන අයෙකුට WhatsApp chat history එක සංක්‍රමණය කිරීමේ පහසුකම ලබා දේ

ඔබට මතක ඇති මීට පෙර Facebook සමාගම විසින් Whatsapp Chat History එක iOS හා Android Devices අතර සංක්‍රමණය කිරිමේ හැකියාව ලබා දිමට සුදානම් වෙන බවට අපි තොරතුරු ගෙන ආවා. මේ වෙන විට මෙලෙස Chat History එක iOS හා Android Devices අතර සංක්‍රමණය කිරිමේ මුලික පියවරක් ලෙස Samsung Devices කිහිපයක් සදහා ලබා දි තිබෙනවා.

පසුගිය දිනක පැවතුණ Samsung Galaxy Unpack Event එකේදි මේ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කල අතර ඒ අනුව Samsung Galaxy Z Fold 3 හා Z Filp 3 Devices මේ සදහා සහය දක්වනු ලබන බව Samsung සමාගම විසින් ප්‍රකාශ කරනු ලැබුවා.

ඉදිරි සති කිහිපය ඇතුලත සියලු Android Devices හා iPhones සදහා මේ Features එක ලබා දිමට නියමිතව ඇති අතර එම Devices සදහා මෙම Feature එක ලැබිමට පෙර Android 10 හෝ ඉට ඉහල Android OS එකක් සහිත Samsung Devices සදහා මේ Feature එක ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. කෙසේ වෙතත් මේ Feature එක මගින් හැකියාව ලැබෙන්නේ iPhone එකක සිට Android Device එකක් වෙතට Whatsapp Chat History සංක්‍රමණය කිරිම පමණයි. Android Devices එකක සිට iPhone එකක් වෙතට Whatsapp Chat History එක සංක්‍රමණය කිරිමේ අවස්ථාව ලබා දිමක් පිළිබඳව කිසිදු තොරතුරක් තවමත් නොමැති වෙනවා.

මෙලෙස iOS Device එකක සිට Android Device එකකට Whatsapp Chat History එක මාරැ කිරිම Physically Connected USB Type C to Lightning Cable එකක් හරහා සිදු කල හැකි අතර මෙය අන්තර්ජාලය හරහා සිදු කිරිමේ හැකියාව ලබා දි නොමැති වෙනවා.

Source : Gsm Arena, The Verge

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara