WhatsApp Call Notification UI එක Redesign කිරීමට Meta සමාගම කටයුතු කරයි

WhatsApp beta for Android 2.23.9.16 සංස්කරණය මඟින් පහත Screenshot එකේ පරිදි WhatsApp Incoming Call Notification එකෙහි UI එක Redesign කොට තිබෙනවා.

WhatsApp Call Notification UI එක Redesign කිරීමට Meta සමාගම කටයුතු කරයි

Meta සමාගම විසින් මාස කිහිපයක සිට WhatsApp වෙත UI Changes වගේම අලුත් පහසුකම් ද දිගින් දිගටම ලබා දෙන අතර ඒ සියලුම දේවල් නිකුත් වීමට පෙරම Android වැඩකාරයෝ අපි ඔබට වාර්තා කළා. එසේ වාර්තා කළ සියලුම පුවත් ඔබට මේ ඔස්සේ නැවත කියවිය හැකියි.


Google Play Store වෙත නිකුත් කරන ලද WhatsApp beta for Android 2.23.9.16 සංස්කරණය මඟින් පහත Screenshot එකේ පරිදි WhatsApp Incoming Call Notification එකෙහි UI එක Redesign කොට තිබෙනවා.

Image Source: wabetainfo.com

කෙසේ වෙතත් මේ Call Notification UI Redesign එක සිදු කොට තිබෙනුයේ Android Version එකට සඳහා පමණි.

මෙය ඉතා සුළු වෙනස්කමක් වුවත් මේ ආකාරයෙන් WhatsApp යෙදවුමේ ඇති විවිධ වූ කොටස් Redesign කරමින් පරිශීලකයන්ට නව අත්දැකීමක් ලබා දීමට Meta සමාගම සූදානම් වන බව මෙමඟින් පැහැදිලි වනවා.

Beta පරිශීලකයන් Google Play Store වෙත නවතම Beta Version එක වෙත Update කිරීමෙන් මෙම වෙනස්කම ලබා ගත හැකි අතර ඉදිරි දින කිහිපය තුළදි සියලුම පරිශීලකයන් වෙත මෙය නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි වනවා.

Source: wabetainfo.com

Read more

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

TikTok විසින් Instagram වෙත තරඟයක් ලබා දීම සඳහා වන නව යෙදුමක් හදුන්වාදීමට කටයුතු කර තිබෙනවා. මෙය දැනට ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ තෝරාගත් Android සහ iOS පරිශී

By Thimira Thenuwara
Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේදී ලොව අංක එකේ දුරකතන අලෙවිය සහිත වාර්තාව හිමි කරගෙන සිටි ඇපල් සමාගම 2024 පළමු කාර්තුවේදී අලෙවි වාර්

By Thimira Thenuwara
නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

X සඳහා එකතු වන නව පරිශීලකයින් සඳහා එහි පළ කිරීම් සිදු කිරීම සඳහා යම් කිසි මුදලක් ගෙවීමට සිදුවන බවට Xහි CEO Elon Musk විසින් පවසනු ලබනවා.

By Nelitha Vindinu Priyawansha